Friday, July 29, 2011

දික්කසාදයක පලමු පියවර

චාලිව බලන කට්ටිය දන්නවා ඇතිනේ ඉතින් දික්කසාදය කියන්නේ මොකක්ද කියලා. නොදන්න අය නම් හිතයි කසාදය දික් වෙන එක කියලා. දන්න අය ඕකට කියන්නේ කසාදය කටු ගානවා කියලා. සිංහලෙන් අපි කියන්නේ ඩිවෝස් වෙනවා කියලා. පොශ් විදිහට කියනවා නම් ඒගොල්ලෝ දැන් සෙපරේට් වෙනම ඉන්නේ. ඔය දික්කසාදයක පලමු පියවර මොකක් කියලාද ඔය ගොල්ලෝ හිතන්නේ. වලං මුට්ටි පෙරලගෙන ගහ ගැනීම? සැමියා බීලා ගෙදර පැමිණීම? ඔව් ඉතින් ඔය කියපුවත් එක එක පියවර වල් තමා හැබැයි ඉතින් දික්කසාද වෙන්න ඉතින් කසාද බැදලා ඉන්න එපායෑ නේද? ඒ හින්දා  ඉතින් දික්කසාදයේ පලමු පියවර වෙන්නේ කසාද බැදීම කියලා තමා චාලිට හිතෙන්නේ.

ඔය ගොල්ලෝ දන්නවද දන්නේ නෑ අපි මේ ඉන්න ටූනාලන්තෙ තමා ලෝකේ දික්කසාද අනුපාතය වැඩිම රට.සංඛ්‍යාත්මකව ගත්තොත් 10% ඒ කියන්නේ කසාද දහයක්  සිද්ද වුනොත් ඉන් එකක් ඉවර වෙන්නේ දික්කසාදයෙන්. 

ඔන්න අටුවා ටීකා ටිප්පනි කියලා ඉවරයි. දැන් බහින්නම්කෝ කතාවට. චාලි දැන් ටූනාලන්තෙට ඇවිල්ලා අවුරුදු තුනකුත් ඊයේ පෙරේදා ඉවර උනා. ඒත් චාලිට ගිය සතියේ තමා ටුනාලන්තෙ වෙඩිමකට එන්න කියලා ඇරයුම්පතක් ලැබුනේ. චාලිට ඇරයුම්පත දුන්නේ ඔෆිස් එකේ ඉන්න දොන් හියාලා කෙනෙක්. දැන් මේ ඇරයුම්පත ලැබුනත් හරි චාලිට ප්‍රශ්න ගොඩයි. ටූනාලන්තෙ වෙඩිමකට මීට කලින් ගිහිල්ලත් නෑ. මොනවද අරන් යන්නේ?  මොනවද ඇදගෙන යන්නේ? ඒ සේරටම වඩා චාලි ආසාවෙන් හිටියේ මොනවද ටූනාලන්තේ මංගල චාරිත්‍ර කියලා බලාගන්න.

ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට විසදුම නම් අපිට වෙඩිම කියපු දොන් හියාලාම දුන්නා. එයා ඇහුවා ඔය ගොල්ලෝ දන්නවද ඩ්‍රෙස් කෝඩ් එක. චාලි ඇහුවා එහෙම එක්කුත් තියෙනවද කියලා. චාලිට මතක් උනා කූපර්ස් ඉදිද්දී තිබ්බ නත්තල් පාටිය (ෆයර් ඇන්ඩ් අයිස්) ඒකටත් කටිටියට ඩ්‍රෙස් කෝඩ් දීලා තිබ්බනේ රතුයි කලුයි. ඔන්න ඉතින් අපේ දොන් හියාලාත් ඒ විදිහටම අපිට ඩ්‍රෙස් කෝඩ් එක විස්තර කලා. පිරිමි ලමයි නම් සුදු කමිසයයි කලු කලිසමයි, ගැහැණු ලමයින්ට රෝස පාට. ඔන්න ඔහොමයි චාලිගේ දෙවෙනි ප්‍රශ්නෙ විසදුනේ. ඒත් තාම පලවෙනි එක ඉතුරුයි. ඔන්න එතකොට තමා චාලිට මතක් උනේ මාලේ ඉන්න නදීශා අක්කා. චාලිට මතකයි ටූනාලන්තෙ වෙඩින් වලට ගිහින් නදීශා අක්කා මූනුපොතේ ෆොටෝ දාලා තිබ්බා.ඉතින් චාලි කෙලින්ම කතා කලා නදීශා අක්කාට. මල්ලි  ටූනාලන්තෙ මිනිස්සු මගුල් වලට ගියාම එච්චර ලොකු දේවල් දෙන්නේ නෑ. ඒගොල්ලේ දෙන්නේ ඔය පර්ෆියුම් බෝතලයක්,ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ පොඩි දෙයක් තමා. ඔන්න නදීශා අක්කා ඔහොමයි චාලිගේ දෙවෙනි ප්‍රශ්නේ විසදුවේ.

දැන් ඉතින් චාලිට මේ ගමන යන්න තියෙන්නේ තනියම නෙමෙයිනේ අර අපේ මාලු ෆැක්ටරියේ කතාවේ හිටිය සිවා අයියායි,වරුණ චමින්දයි මතක ඇතිනේ . ඔන්න මේ දෙන්නගෙනුත් චාලි ඇහුවා මොනවද ගන්නේ කියලා නදීශා අක්කා කියපු දේත් චාලි ඒගොල්ලන්ට කිව්වා. ඒගොල්ලො එක පාරටම කිව්වේ එහෙම හරි යන්නේ නෑනේ අපි මොනවා හරි ඉලෙක්ට්‍රික් බඩුවක් දෙමු කියලා. අන්තිමේට තුන් දෙනා ඒ වැඩේට එකග වුනා. ඒ දෙන්නා එදා හවසම මාලේ ගිහින් ඉලෙක්ට්‍රික් බඩුවක් බලලා සල්ලි බැදලා ඇවිත් තිබුනා ආය ඕක මාලේ උස්සගෙන යන්න ඕන නැති නිසා ඒ දෙන්නා ඒක මාලේ ගත්ත කඩේම තියලා ඇවිත් තිබුනා. වරුණ චමින්ද ඇවිදීමට, ඇදුම් තේරීමට සහ ලස්සනට ඇදීමට රුසියෙක් බව ඉතින් ටූනාලන්තෙ සහ රුකා බලන අය දන්නවනේ. මිනිහත් ඉතින් ඩ්‍රෙස් කෝඩ් එකටම හරියන්න අලුත්ම කිට් එකකුත් අරගෙන තමා ඇවිත් තිබුනේ.

ඔන්න කතාව දිග වැඩි වේගෙනයි යන්නේ. තව දවසකින් දෙකෙකින් චාලි කියන්නම්කෝ වෙඩින් එකේදි මොකද වුනේ මොනවද ඒගොල්ලන්ගේ චාරිත්‍ර කියලා.


7 comments:

  1. විවාහය කියන්නේ..දෙන්නගේ විශ්වාසය මත පවතින හුදෙක් සම්බන්දතවයක් නෙමෙයිනේ..තුන්න් වෙනුවෙකුගේ ආරම්භය කියලා හිතලා,අපි මේ දොන් හියාලට විවාහ ජීවිතේ කටු ගෑමකින් අවසන් නොවේවා කියලා පතමු නේද අයියේ.. අනික පවුලක අවසානය තවත් පවුල් කීපයක අවසානය වෙන්නත් බැරි නෑනේ..

    ReplyDelete
  2. අනේ ඔව් අසනියේ චාලිටත් බය හිතුනා ටූනාලන්තේ බලන අය මේක කොහොම වටහාගනීද කියලා
    ඇත්තටම චාලිට හොදටම විශ්වාසයි අපේ දොන් හියලාට එහෙම වෙන්නේ නෑ කියලා..............
    විවාහය බැදීම් ඕවා ගැන නම් තාම චාලිට වැඩි තේරුමක් නෑ චාලි තාම පොඩි හින්දා බැදීම් නැති හින්දා වෙන්න ඇති සමහර විට.........
    ඉතුරු කොටසත් බලන්නකො අසනි............

    ReplyDelete
  3. ඇත්තද බං ඔහේ කෙල්ලො ඉක්මනට බඳිනවා කියන්නේ අඩු වයසෙන්?

    ReplyDelete
  4. මේ මොනවා කියනවද මචං

    මම මේ කියන කෙල්ල නම් ටිකක් පරක්කු වෙලා බැන්දේ ඒ වුනාට අනික් අය නම් සාමාන්‍යයෙන් අවුරුදු 16න් විතර බදිනවා. අවුරුදු 20 පනින කොට ලමයි දෙන්නෙක් වත් ඉන්නවා.

    සමහරු 25 වෙනකොට ඩිවෝස්.

    ReplyDelete
  5. හා හා වෙඩිමෙ උනේ මොනවද කියලත් කියපන්කෝ බලන්න :D

    ReplyDelete
  6. දික්කසාද වෙන්නනම් මොකටද? කසාද බඳින්නේ හැමදාම තනිකඩව හිටියනම් ඉවරයි නේද?

    ReplyDelete
  7. @ කිඩෝ පොඩ්ඩක් ඉවසන් හිටපන් බන් ලියාගෙන යනවා.

    @ ජින්තු ඔව් බන් තනිකඩව ඉන්න කම් කල්පනා කරනවා කවදද බදින්නේ කියලා. බැන්ද වෙලේ ඉදන් කල්පනා කරන්නේ කවදද දික්කසාද වෙන්නේ කියලා.

    හැබැයි මචන් මේ කෙල්ල එහෙම වෙනවයි කියලා මම කිව්වායි කියලා හිතන්න එපා හොදද?

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ