Saturday, June 25, 2011

කිලින් ෆීල්ඩ්ස් (ශ්‍රීලාංකීය දඩබිම්) බොරුවක්ද, බයිස්කෝප් එකක්ද නැත්තම් ඇත්තද?


මොකද්ද මේ කිලින්ග් ෆීල්ඩ්ස්

හැමෝම කතා වෙනවා.මටත් හිතුනා බලන්න මොකද්ද මේ වාර්තා චිත්‍රපටිය කියලා.ටිකක් බලන් යනකොට තමයි තේරුනේ මේක වාර්තා නෙමේ  හොදට සැලසුම් කරලා හදපු චිත්‍රපටියක් කියලා. ඊට පස්සේ තමා මේක ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හොයලා බැලුවේ. මේ බයිස්කෝප් එක හදලා තියෙන්නේ කැලම් මැක්‍රේ කිය්ලා පොරක් ඔය ඉන්නේ එහා පැත්තේ කැමරාවක් බදා ගෙන බුවා තමා මේක හදලා තියෙන්නේ.
2009 අප්‍රියෙල් මාසෙත් චැනල් 4 කට්ටිය 3 දෙනෙක් එවලා තියෙනවා ලංකාවේ යුද්දේ ගැන බයිස්කොප් එකක් හදන්න.හැබැයි මේ නාඩගම හමුදාවට අහු වෙච්ච ගමන්ම තුන් දෙනාව පිටුවහල් කරලා යැව්වා.ඊට පස්සේ එහෙන් මෙහෙන් ලංකාවේ යුද්දේ ගැන අපේ හමුදාවේ වෙබ් අඩවියේ තිබ්බ වීඩියෝ සහ ජංගම දුරකතන වල පටි ගත වෙච්ච පොඩි පොඩි සීන් සහ ඒ ගොල්ලෝ පස්සේ රූ ගත කරපු දර්ශන ඔබලා තම කැලම් කාරයා ඔය බයිස්කෝප් එක හදලා තියෙන්නේ.

අපි හැමෝම දන්නවනේ වියට්නාම යුද්දේට මොකද වුනේ කියලා.ඇමරිකන්කාරයෝ යුද්දේ දින්නේ ෆිල්ම්ස් වලින් විතරයි.මතකනේ කෝල් ඔෆ් ඩියුට්.ඒ හින්දා ඔය ඇමරිකන්කාරයෝ  හරි කැමතියි යුද්දයක් ඉවර උනාම පොඩි ෆිල්ම් එකක් ගහලා ආතල් එකක් ගන්න.ඒකත් ඒගොල්ලෝ කැමති පාර්ශවයට වාසි වෙන විදිහට.ඉරාක යුද්දෙදි දැනට කල ගණනය කිරීම් වලින් පමණක්  සිවිල් ජනතාව 110,761 ක් මිය ගොස් තිබෙනවා.මේවා ගැන ගෝර්ඩන් වේස්ලා නිහඩව ඉන්න එක තමා ප්‍රශ්නේ.

එහෙම නැත්තම් ඕන තරම් උන්ට ෆිල්ම් ගහන්න තිබ්බානේ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ ඉදන් ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වෙනකම් මිනිස්සු කී දෙනෙක් මැරුනාද? ඔය අරන්තලාව භික්ශු ඝාතනය, ශ්‍රී මහා බෝදිය ඉස්සරහා, දලදා මාලිගාව ඉස්සරහා,එතකොට මහ බැංකුව ඉස්සරහා තිබ්බ බෝම්බ , එක සුද්දෙක් ගැහුවද බයිස්කෝප් එකක් ඔය දේවල් වෙනකොට.කිසිම හේතුවක් නැතුව ඉරාකෙට ගැහුවා.කෝ ඒවට බයිස්කෝප්. එතකොට බින් ලාඩන්ව මැරුවෙ නඩු අහලැයි ඕං.ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරා නම් ඔය සුසේගේ ගෙදර උන්දෑ,එතකොට තමිල් සෙල්වම්ගේ හාමිනේ, ප්‍රභාකරන්ගේ දෙමව්පියෝ බේර ගත්තේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකෙන්ද?


හරි දැන් එමු මේ අලුත් බයිස්කෝප් එක දිහාවට


මේක විකාශය වෙන්නේ චැනල් 4 නාලිකාවේ.මේ නාලිකාවේ මීට කලිනුත් වීරෝදාර හමුදාවන්ට මඩ ගහන්න වීඩියෝ 4 ක් සහ ආර්ටිකල් 30 ක් විතර විකාශනය වෙලා තියෙනවා. වර්ල්ඩ් කප් එක බලන්න යන මූනු පෙන්නන ස්නොව් කියනවා මේ මූනු වල තියෙන හිනාවට යටින් අවුරුදු දෙකකට කලින් කල භයානක අපරාදයක් හැගවිලා තියෙනවා කියලා. ඔන්න ඔහොමයි මේ බයිස්කෝප් එක පටන් ගන්නේ. ඊට පස්සේ මෙච්චර ලොකු ත්‍රස්තවාදී කල්ලියකට මේ වගේ දෙයක් වෙච්ච එක ගැන හරි දුකෙන් වගේ තමයි ජෝන් ස්නෝව් ලොක්කා කතා කරන්නේ.

ඊට පස්සේ ගොර්ඩන් වේස් (හිටපු එක්සත් ජාතීන්ගේ මාද්‍ය ප්‍රකාශක)සහ එම කාර්යාලයේ වැඩ කරපු බෙන්ජමින් ඩික්ස් කතා කරනවා. ඔවුන් කියන්නේ ඔවුන්ට කිලිනොච්චියෙන් ගියේ ඉතාමත් කනගාටුවෙන් කියලා ඒත් එක්කම සිවිල් ජනතාව එයට අකමැති උන බවද ඔවුන් කියනවා.මෙහි මුල සිට අගට කතා කරන ගෝර්ඩන්,ස්ටීව් ක්‍රෝශෝව් සහ යුරෝපයේ වෙද සිසුවියක් කියන වනි කුමාර් දිගින් දිගටම කියන්නේ ඉස්පිරිතාල වලට හමුදාව උවමනාවෙන් පහර දුන්නා කියලා.මොන බොරුද මේ පහරදීම් ඔක්කොම කලේ අර පිස්සු යක්කු ටිකනේ.මේකේ ඔය පිස්සු යක්කු ටික දිගටම කියන දෙයක් තමා හමුදාව සාමාන්‍ය ජනතාව කොටු කර ගෙන ඉන්නවා කියන එක.එතනින්ම තේරෙනවානේ මේ පිස්සු සුද්දෝ ටිකට අමු කැවිලා තියෙන්නේ කියලා.මේකෙ තියෙන වීඩියෝ ඇත්තද බොරුද කියලා අපි තාම දන්නේ නෑ නේ. මොකද මේක එලියට එන්නේ යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකකට පස්සේනේ දැන් කාලෙ සතියකට දෙකකට මෙගා නාට්‍යකුත් ඉවර කරන්න පුලුවන් එකේ මෙහෙව් වීඩියෝ හදන එක මහ ලොකු කජ්ජක් ඈ ඇමරිකාව වගේ අනුන්ගේ ප්‍රශ්න ඔක්කොම ඔලුවේ දාගෙන ඉන්න රටකට.මොකද එහේ හොලිවුඩ් කියලා ලොකු බයිස්කෝප් මඩුවක් එහෙමත් තියනවානේ.ඒ උනාට ඕකේ මුලින්ම තියෙන ක්ලිප් එක කලිනුත් ඔය අයියලා උන්ගේ ඔය චැනල් 4 පෙට්ටියේ පෙන්නුවානේ.ඒක ඒ වෙලාවෙම අපේ ආණ්ඩුව බොරුවක් කියලා ඔප්පු කලානේ.මෙහි මේකේ අන්තිම හරියේ පෙන්නවා කෙල්ලෙක්ව මෙයා කොටියෙක් නෙමේ ජනමාද්‍යවේදිනියක් වෙච්චි ඒත් මේ ක්‍රූර හමුදාව මෙයාවත් මරා ගත්තා නේද කියලා.හැබැයි ටූනාලන්තේ අපිට මාට්ටු වුනා මෙයා කවුද කියලා. ඔය තියෙන්නේ යටින් හැදුනුම්පත පුල්ලිත් එක්කම මෙයත් කොටියම තමයි.


මේ කතාව ඉවර කරන්නේ පුලිදේවන්ගෙන් සහ නඩේසන්ගේ සුදු කොඩි කතාවෙන් උන් දෙන්නා සමාව ඉල්ලුවාලු ජනාධිපතිත් සමාව දුන්නාලු හැබැයි ඉතින් පව් අනේ මරලාලු.

ඕක ගැන මගේ යාලුවෙක් කිව්වා නියම කතාවක් ."ඇයි බන් අන්තිම වෙනකම් යුද්ද කරලා කරලා  කරලා බැරි වෙනකොට සුදු කොඩිය අතට ගත්තාම හරි යනවාද හිතලාම කරානම් ආමි එක නියම වැඩක් කරලා තියෙන්නේ".

එතකොට ලමා සොල්දාදුවෝ ගැන හමුදා සොල්දාවෙකුගේ ඇසින් බලපු තව යාලුවෙක් කිව්වා මෙහෙම කතාවක්." මල්ලි මිනිහා පොඩි උනාට අතේ තියෙන ආයුදේ භයානකයි.මිනිහා පොඩිද ලොකුද, ගෑනුද පිරිමිද කියලා වැඩක් නෑ පත්තු කලොත් එකම ආනිසංසේ තමා යුද්දේදි ඔය පව් පින් බලන්න බෑ".

ප.ලි:-
මේ ලිපිය ලියලා ඉවර වෙලා මේ සම්භන්දයෙන් තවත් කියවගෙන යද්දී මට ගොඩවදින්න ලැබුනා මේ ගැන ගැඹුරට විග්‍රහ කරපු අපේ බ්ලොග් සහෝදරයෙකුගේ ලිපියකට. ඔබත් ගොඩ වැදිලා බලන්න ඔබටත් වැටහේවි කිලින් ෆීල්ඩ්ස් බොරුව.

http://anojsblog.blogspot.com/2011/06/4_26.html

මාතෲ භූමියට ජය වේවා.

7 comments:

  1. මතෘ භූමියට ජයවේවා!! ද්‍රෝහීන් බංගවේවා!!!

    ReplyDelete
  2. Ela kiri. this is great..

    ReplyDelete
  3. mun nam puduma jathiyak,sinhala demala hama minussuma un maruwa ,kawadawath e gama katha karanna kawruth hitiye naha,LTTE eke un lamai hanbawenna inna ammalage bada kapala lamainwa eliyata ganna kota mun koheda hitiye.kalakanni lokenma thuran venna ona.

    ReplyDelete
  4. @ උදය බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා ගියාට.

    @ සී බේ ජය වේවා මාතෲ භූමියට

    @ නම නොකියූ පලමු වෙනි සහෝදරයා බොහොම ස්තූතියි ආවට සහ කමෙන්ට් එකට

    @ නම නොකියූ දෙවෙනි සහෝදරයා ඔයා හරියටම හරි, ඒවා ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවන්

    ReplyDelete
  5. එල කිරි ආටිකල් එක...... දිගටම කරගෙන යන්න...

    මාලා..(ASC)

    ReplyDelete
  6. බොහොම ස්තූතියි මාලා.....................

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ