මතකයි මට පුංචි කාලේ
ගුරු පාරෙන් බස් පාරට
පියා සමග ඇවිද ගියපු ඒ කාලය
මට මතකයි ඒ කාලයේ
තිබුනේ නෑනේ දුරකතනය
රුපියල් පහේ මුද්දරයට
ලියුම් යවපු ඒ කාලය
මට මතකයි ලොකු අම්මා
ලොකු එයාර් මේල් කවරයක
ලියුම් එවපු ඒ කාලය
අපේ ගෙදර මැද සාලෙට
තාත්තා ගෙනා දුරකතනය
මට මතකයි අපේ අම්මා
මහනුවරට, නුගේගොඩට
කතා කරපු දුරකතනය
මට මතකයි ඊට පස්සේ
රස්සාවක පලමු පඩිය
ලැබුන දවසේ මම ගෙනාපු
රැහැන් රහිත දුරකතනය
මට මතකයි නොකියා එක
හැට එකකුයි බින්දුම දෙක
රට වටේට එස්.එම්.එස්
යවන්න ගත් දුරකතනය
මට මතකයි බොතේජු එක්ක
කැෆේ එකක රින්ගා ගෙන
මුලින්ම හැදු ඊ මේල් එක
මට මතකයි එදා හදපු
යාහුලාගේ අකවුන්ට් එක
මට මතකයි ඊට පස්සේ
ටූනාලන්තේ මම ඇවිල්ලා
දවස් දෙකක් තුනක් වෙද්දි
මිලාන් එක්ක එකතු වෙලා
හැදුව හොදම අකවුන්ට් එක
වෙන මොකවත් නෙමේ ඒක
ඉස්කෝලේ යාලුවො ටික
දවස් දෙකෙන් සෙට් කරාපු
අරුම පුදුම අකවුන්ට් එක
මූනුපොතේ අකවුන්ට් එක
මට මතකයි ෆැක්ටරියට
ආවිට හැදු අකවුන්ට් එක
ගෙදර එක්ක කතා කරන්න
කොයි කාටත් ලේසි ක්‍රමය
ඔබෙ මූණයි ඇගේ මූණයි
බල බල ඔබ සිනාසෙන
එහෙම හොදම අකවුන්ට් එක
අහස්පේලාගේ අකවුන්ට් එක
අවුරුදු විස්සක් ඇතුලත
සන්නිවේදනය සැබෑ වෙනස
ලියුම් තැපැල් කල කාලය
දුරකතනයේ කතාබහද
එස්.එම්.එස් කල යුගයද
පහු කල ආ මේල් යුගය
මූණුපොතයි අහස්පේයි
ඒක තමා අද කාලය
ඊලග එක මොකක් වෙයිද?????
කොච්චර දියුණුවට ගියත්
හැබැහින් දුටුවේ නෑ තාමත්
චාලිට හිමි ඒ දෙනයන...........
ඊයේ රෑත් සිහිනෙන් ඇවිදින්
අවදි කරපු සද දෙව්දුගේ දෙනයන
හිතෙනවා මට හැමදාමත්
මූණුපොත් අහස්පේ කුමකටද තිබියදී සිහින.......
ලස්සන වදන්පෙලක්............. හීන් දුකක් දැනුනාද මන්දා...........
ReplyDeleteහි හි චාලියටත් හිතෙන එව්වා...
ReplyDeleteසරා සදට
ReplyDeleteපාර කියන
රන් රුව ඇති
සද දෙව්දුව
නොකියන ලෙස
පාර නුබට
කිව්වට හිත්
තරහින් එදවස
හිත රිදුනද
අනේ මගේ
සොදුරු හිතැති
සකිය නුබට...
සද දෙව් දුව සිහිනෙන් එන
ReplyDeleteකව්ද අනේ ඒ දෙව් දුව
වරුණගෙ මුනු පොතෙ ඉන්න
ඒ කෙල්ලද කියන් මිතුර
එකතු වේවා ඇ ඔබ හට
සන්සාරෙ ගමන් යන්න
ගිමන් හලක් ඇතිතැනකදි
දීපන් රස ගල්පැන් මට
පාටිය ලෙස ඇ හමුවු..
අපූරු පද පෙළ ..
ReplyDeleteහීනත් පේනවා දැන් ඈ..
@ රන්ඩිල්
ReplyDeleteබොහොම ස්තූතියි
@ කිඩෝ
ReplyDeleteචාලිගෙත් දැන් කල වයස හරි නොවෑ
@ අසනි
ReplyDeleteතරහ යන්නේ
නෑ චාලිට
අසනිගේ ඔය
කෝල බහට
සද දෙව් දූ
කොයි ගියාද
තරු අතරින්
පැන ගියාද
හුලුමාලෙට
ඉහල අහසෙ
පහන් තරුව
පායන කම්
චාලි තවම
හීන දකියි
පොඩි පොඩි
පදවැල් ලියවෙයි..............
@ අසනි
ReplyDeleteවරුණගේ මූණු පොතේ ඉන්නේ
එක කෙල්ලද කියන් මිතුරේ
හුලුමාලෙට දුරින් ඉන්න
සදදෙව්දූ අසනි නගයි
සරාසදට පියාඹන්න
ඇය ලගදිම පාර කියයි
එදාට ගල් පැන් නොව මම
උඹට දෙන්නේ අමා පැන්ය
ඇතුගල පාමුල ඉදගෙන
අපි රජ වෙමු එම දවසට
@ චතුර
ReplyDeleteජීවිතේම එක්තරා හීනයක් තමයි බන්
""@ අසනි
ReplyDeleteවරුණගේ මූණු පොතේ ඉන්නේ
එක කෙල්ලද කියන් මිතුරේ""
මේ මොකදෑ
බන් අයියේ
රුකා නමත්
අසනි උනේ...
සරා සදක්
නොමැති දෝහේ
උබටත් දැන්
පිස්සු වගේ...
දැක්කම මේ
දැන් කවි පෙල
හිනා වේවි
නුබ හොදටම
වෙනස් කලත්
දැන් යොමු නම
හිනා වේවි
උන් හැම අද..
@ අසනි
ReplyDeleteනොම මෙන් ගත වූ මාසය
වැඩපල ඇත අම්බානක
සිවා අයියා නොමැති අඩුව
දැනෙනවා දැන් හොද ගානට
අලුත් බ්ලොගක් ලියන්න නෑ වෙලාව
කමෙන්ටුවක් ලිව්වෙත් පොඩි වෙලාවක
පොඩි පොඩි වැරදි හොයනවා මේ නලාව
රුකා අසනි මාරු කලේ කලාවට
සරා සදත් එක්ක දීගේ
රෑ සිහිනෙන් පමණක්මයි
පාර නොකියවූවොත් නගේ
චාලිට නම් පිස්සු හැදෙයි
ශිවා අයියා ගැනනම් නෑ
ReplyDeleteමටත් කිසිත් ආරංචිය
ඔය කට කැඩුනු කටින්
නලාවයයි කිව්වේ මටද
රුකා අතේ පැණි ගුලිවත්
එවන්නටයි උන්නේ මෙමම
නලාව යයි කිව්ව නිසා
එවන්නේ නෑ කිසිත් නුබට
අසනි නගේ නුඹ කවද්ද
ReplyDeleteපැණි ගුලිවත් එව්වේ අපිට
මට මතකයි ධනු අයියත්
ආවේ හිස් අතින් නොවෙද?
මේ කට කැඩුන කටින්
කී දෙනෙකුට නම් තැබුවද
පොඩි වරදක් වුනා තමයි
තරහ නොවෙන් නලාව
බොරු කියනා ඔය කට ගැන
ReplyDeleteකතා කරණු නම් කුමටද
කාපු ඒවා දිරාවවිද
මෙයැයිගේ මේ මුසා බහට...
එක සැරයයි නිකන් ආවේ
අසනීපෙන් වුන්නු දිනයේ
රුකා..සුජි..ශිවා අයියයි ගෙනාපුවට
මොකද උනේ කියන් සකිය..