Sunday, August 7, 2011

කැකිරාවේ අලි සහ මාලේ අලි

ඔන්න චාලියා කියන්න යන්නේ උණු කැවුම් වගේ කථාවක් මේක අපේ ෆැක්ටරියේ කොල්ලෙකුට ගිය සතියේ උනු ඇබැද්දියක්.

මම මේ කියන්න යන කතාවේ ඉන්න මල්ලි අපේ ෆැක්ටරියට බැදුනේ ලගදි. මෙයාව ෆැක්ටරියට ගත්තේ අපේ ප්‍රඩක්ෂන් එකේ ශාන්ත අයියා. ඒ හින්දා මෙයාට හැමෝම කිව්වේ පොඩි ශාන්ත කියලා. මිනිහා කැකිරාවේ එහෙම තමා ශාන්ත අයියා කිව්වේ. මේ ලගදි චාලි මහරගම කිව්වාට මහරගම ඔරලෝසු කණුව ලග නෙමේ කියලා හිරන්ත අයියා ඔප්පු කරලා හෙන නාඩගමක් නැටුව හින්දා චාලිත් ඇහුවා මිනිහා කැකිරාවෙමද කියලා. 

කැකිරාවෙම නෙමේලු කැකිරාවේ තමා ලගම සමුපකාරේ තියෙන්නේ. මිනිහා කලා වැව ගාවලු. ඒක එහෙමමද චාලි ඇහුවා නෑ එතන තමා ලගම පෝස්ට් ඔෆිස් එක. ඔන්න ඔහොම තව කිලෝ මීටර් 20ක් විතර ගිහින් තියෙන කඩයක් ගාවින් හැරිලා තව කිලෝ මීටර් ගානක් යන්න ඕන.ඒක වෙන්න ඇති ලගම කඩේ. මිනිහා අපි එයි කියලා බයට එහෙම කිව්වාද මන්දා. චාලි ඇහුවා ඉතින් ඔය පාරේ අලි එහෙමත් ඇති නේද කියලා. පිස්සුද? අපේ පැත්තේ කොහෙද බං අලි කොල්ලා එහෙම කිව්වා. අපිත් ඉතින් පිලිගත්තා වගේ හිටියා.

ඔන්න දැන් එන්නම් මම කියන්න යන කතාවට
මේක වුනේ ගිය සතියේ. ෆැක්ටරියට ආවාට පස්සේ චාලිගේ කෑම ශෙඩියුල් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් චාලි යනවා හැමදාම රෑ 11ට විතර තේකක් බොන්න. චාලි යන්නේ තනියමත් නෙමේ. චාලිට ඉන්නවා සෙට් එකක් ඔය වෙලාවට තේ බොන. රුකා අයියා, ශාන්ත, වරුණ චමින්ද, සුජීව විතරක් නෙමේ පොඩි ශාන්ත වුනත් නින්දෙන් නැගිටලා හරි එනවා. ඉතින් එදා අම්බානට වැස්ස දවසක් වැස්ස පොඩ්ඩක් අඩු කරපු වෙලේ තමා චාලිලගේ සෙට් එක කැන්ටින් එකට ගියේ.


ඔන්න කට්ටිය තේ බීලා ඉවර වුනා විතරයි ආපහු පටන් ගත්තා මොරසූරන වැස්සක්. කට්ටිය බැලුවා යන්න විදිහක් නෑ. එකෙක්වත් කුඩයක් ගෙනල්ලත් නෑ. ඔන්න ඔය වෙලේ චාලි කිව්වා "කොහේ යන්නද බන් මෙන්න මෙහේ පුටුවක් උඩට වෙලා නිදාගමු. හැබැයි උදේට අලියා ඇවිල්ලා තමා ඇහැරවන්නේ". අලි කියන්නේ අපේ කැන්ටිම අස් පස් කරන බංගලාදේශ් මලයාට.

අලියා කියන නම ඇහුණා විතරයි අපේ පොඩි ශාන්තයා බියපත් හඩකින් "අලියා" කියලා කිව්වා. එහෙම කියලා බැලුවේ කැන්ටිමේ පිටිපස්සේ කවුලුවෙන් පේන කැලෑවේ අන්ධකාරය දිහා. හැමෝම තක්කු මුක්කු වෙලා පොඩි ශාන්තයා දිහා බැලුවේ ඔහුගේ කටහඩේ බියපත් බව වැස්සේ සද්දයද කපාගෙන ගිය හින්දා වෙන්න ඇති. ඔය වගේ දෙයක්  කටින් පිට වෙන කොටම අල්ලන්න සද්ද විද්ද පලග පතිර මීටර් අපේ ෆැක්ටරියේ දෙකයි තියෙන්නේ. එකක් හිරන්ත ලග අනික චාලි ගාව. හිරන්තයා ඉතින් ඔය වෙලාවේ අසනිත් එක්ක අහස්පේ කවුළුවෙන් මල් කඩන වෙලාව.ඔන්න ඉතින් චාලිට මීටර් වුනා පොඩි ශාන්තයා බය වෙච්ච හේතුව. චාලියා ඉතින් හෙමීට කිව්වා.

"මල්ලි කැකිරාවේ අලි වෙනයි මාලේ අලි වෙනයි"

ඔන්න එතකොට තමයි කට්ටිය හිනා වෙන්න පටන් ගත්තේ.

පොඩි ශාන්තයාගේ වාසනාවට ඒ කැන්ටිම කඩලා අලුතෙන් හදපු බිල්ඩිමේ තුන් වෙනි තට්ටුවට ගෙනිච්චා. ඒත් තාමත් කට්ටිය අලි ගැන කතා වෙනවා.

ප.ලි.

චාලි ලගදිම කියන්නම්කෝ ෆැක්ටරියේ කනගේ මල්ලිට වෙච්ච ඇබැද්දි ටිකක්.

එතකන් ඉතින් කට්ටිය කමෙන්ට් දාන්නකෝ අනුරාධපුරේ අලි ඇත්තු එහෙමත් නැතෑ නේද?


11 comments:

  1. මන් දන්න විදිහට චාලිට සෙට් 4,5,ක් ම ඉන්නවා.
    7 සෙට් එක,8.30සෙට් එක,11 සෙට් එක,2.30 සෙට් එක වාගෙ.
    හරියට නිකන් ෆිල්ම් හොල් එකක ටයිම් ටෙබල් එක වගෙ නේ.
    එකෙන් එකක මාත් ඉන්නවා කියල දැනගත්තාම මාර සැටිස්...
    තැන්ක්යු වේවා චාලි ගුරුන්නාන්සේ.(මාගෙ බ්ලොග් ගුරා නේ)

    ReplyDelete
  2. අර කිව්ව තැනට කැකිරාවේ ඉඳන් ඔය කියන විදියට ගියොත් ඉතින් ඉටි පන්දම් පැකට් එකක විතර දුර ඇතීනේ..

    ReplyDelete
  3. කින්ඩිය දෙයි හෙන්ඩුව වාගේ
    නොන්ඩ්ය දෙයි තොන්ඩුව වගෙ
    විද්ද වචනෙ අල්ලගත් සෑනින් වගෙ
    අපෙ චලියා දායි පුන්චි පත්තරෙ

    ReplyDelete
  4. ඇයි දුකයිද....සද නෑ තාම ආවේ..පව් පව්...ඉවසහන් අයියන්ඩි..

    පව් හලෝ..කාලයක් චමින්ද..ඊට පස්සේ තරිදු..දැන් මේ ළමයා...අපෝ ඔයයි ධනුයි දෙන්නම එකයි

    ඉන්නවකෝ..මන් එනකන් දෙන්නට...මඩට මඩ වදිද්දි....

    ReplyDelete
  5. අනුරාජපුරේ අලි සහ ඇත්තු නියෝජනය සදහා මා පැමිණියෙමි. ස්තිරී පරාණයන් නම් නේන තරමට සැපය. :)හී.....හී.....

    ReplyDelete
  6. @රුකා
    හහ් හා මගේ හැම සෙට් එකම රුකා අයියා නම් ඉන්නවා
    හැබැයි දැන් පේන විදිහට ඊට අමතරව තව සෙට් ඔයාට ඉන්නවා වගේ.

    ReplyDelete
  7. @ චතුර
    ඔව් පේන විදිහට නම් ඉටිපන්දම් පැකට් එකකුත් මදි වගේ.

    ReplyDelete
  8. @ සුරා

    කින්ඩිය හොද නෑ කොල්ලන් හට දෙන්න
    මේලුත් එනවා ඒ බව මට කියා දෙන්න
    තුති පුදනවා සැම හට මට දිරි දුන්න
    හෙටත් එනවා පුන්චි පත්තරේ ඇන්න.......

    ReplyDelete
  9. @ අසනි

    සද දෙව්දූට බ්ලොග් ලියන්න ගියාට පස්සේ පාර කියන එක අමතක වෙලා ගියානේ.

    එක්ස්කියුස් මී ........

    කවුද මේ අපි නොදන්න ධනූ.........හ්ම් හ්ම්ම්

    ReplyDelete
  10. @ නාකියා

    හොද වෙලාවට ඒ පැත්ත නියෝජනය කරන්න කවුරු හරි පැමිණියේ

    ඇත්තටම කාටද මේ ස්ත්‍රී පරාණය කිව්වේ අපේ අසනි නගාටවත්ද........

    ReplyDelete
  11. @චාලි
    ඇයි ඇයි මොකද... මාවම ඇද ගන්නේ..ගුටි ඕනද..?

    මන් කියන්නමයි හිටියේ...ලස්සන කවි පෙලක් ලියලා දැම්මොත් මොකද.. හරියට සද දෙව් දුවගෙන් පාර ඇහුව කාලේ වගේ..

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ