Saturday, May 14, 2011

සදවතියට බැදි සිත

විහග ගීත නෑසෙන
Hulhumale අහස යට සිට
බලා හිදිමි මම
සදවතිය දෙස

මටම හිමි දෙනයන
කෙදිනක මුණ ගැසේද මට

17 comments:

  1. Go infront of mirror
    you will see eyes which belongs to you

    ReplyDelete
  2. Thanks gyn,
    I didn't mean my eyes.....
    hope you understand the real meaning.....

    ReplyDelete
  3. Thanks Shantha. . . . . . . . . .

    ReplyDelete
  4. niyamaee indika .........p/s add one more...

    ReplyDelete
  5. Thanks Chaminda,

    Wait for another two three days. . . .

    ReplyDelete
  6. Ratada ubata me adahas enne.........
    Uba lakbimata liyapan,
    set karala dennada...

    ReplyDelete
  7. Hiranthata kiyalada
    apooo epa . . . .

    ReplyDelete
  8. නුබටම හිමි ඒ දෙනයන
    වඩින්න ඔබෙ හිත් අහසට
    පතනෙමි මේ සද දෙව් දුව
    Hulhumale ට දුරින් ඉන්න....

    ReplyDelete
  9. සිත් අහසට දෙව් දූ වරු
    වඩිනව ඉසකේ ගානට
    සද දෙව් දුව ඔබට බැරිද
    ඉක්මනටම සොයා දෙන්න

    මටම හිමි ඒ දෙනයන

    ReplyDelete
  10. බලාගෙනයි චාලි අයියේ
    මූ දේවීය වඩි හිතට
    දෙව් දුවගේ රු අරගෙන
    අසරණ හිත රවට රවට...

    තරුවක යන මග ලියාවි
    දවසක මේ සද දෙව් දුව
    එදාට ඔය කවිත් අරන්
    ඇයව හොයන් මෙරට එන්න...

    ReplyDelete
  11. අසරණ හිත නෑ දුර්වල
    මූ දේවිට රැවටෙන්නට
    අසනියෙ නුඹ මග ලියන්න
    චාලි එනවා ඇය බලන්න

    අසනියෙ නුඹ ලියු පාරෙන්
    කවි ටික මල්ලක පුරවන්
    සදුට හොරෙන් හිරුට හොරෙන්
    චාලි එනව තරු අතරින්

    ReplyDelete
  12. එපා අයියේ නොකියා එන්න
    දුක අහනා සදවතියට
    මන් යනවා ඈ බලන්න
    කියලා වරෙන් සදවතියට..

    ඇය ඉන්නා මග කියනා
    තරුවක් නුබ ලගම ඇති
    පමා නොවි අදුර ගන්න
    නුබෙ වයසත් යසට යති..

    ReplyDelete
  13. අසනියෙ නුඹ කියනවනම්
    සද දේවිට කියනව මං
    මගේ මව් රට මම එනකම්
    සුර කෙල්ලක් ඉදී මග බලන්

    මම නොදුටුව ඒ කුමරිය
    තෝරා දුන්නේ සද දෙව්දුව
    පාර කිව්වේ පහන් තරුව
    යන්න ඕන අදුරට පෙර

    ReplyDelete
  14. රුපෙටනම් එපා මිතුර
    හිත මුල් තැන තියන්න
    ගුණ තෙද පමණක් හිතන්න
    යස ඉසුරින් පිරී යන්න..

    සදවතියේ කවි මඩුවෙන්
    සද දෙව් දුව බැහලා යනවා
    මන් ඒ කිව් කවි පාරෙන්
    ඔබ දවසක එගොඩ වෙනවා..

    අද වගේම තව දවසක්
    හෙට උදේම ඇරබෙනවා
    තව කවි මල්ලකුත් අරන්
    අපි ආයෙත් හමු වෙනවා..

    ReplyDelete
  15. ඔබ කිව් කවි පාර දිගේ
    එගොඩ වෙන්න මටත් හිතේ
    ගුණතෙද ඇති කෙල්ලෝ නගේ
    සෙව්වෙමි කලුනික විලසේ

    හෙට උදේම පායයි හිරු
    දිවගට කවි එයි නිරතුරු
    මම ඉන්නවා ඔබ එනතුරු
    කවි මඩුවට එනු සුමිතුරු

    ReplyDelete
  16. ඈත දුරක හිත් අහසක..
    පහන් තරුව සොයා යන්න..
    සියොතුනෙ නුඹ මට එනවද..
    හුලුමාලෙට දුවල යන්න..;)

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ