සිත සිතයි ලත උනේ
කුමක් ගැන ලියනුයේ
හදිසියේ මතක් උනේ
හිසරදේ දුම් වැටියේ
ගෝල්ඩ් ලිප්ද ඔබ බොන්නේ
බෙන්සන්ද ඔබ බොන්නේ
දෙකේ වෙනසක් නැත්තේ
පෙනහළුය පිච්චෙන්නේ
ගණිනු මැන දිනකට අවුරුද්දකට ගණිනු මැන
බොන්නේ දහයක් සිතලා හැත්තෑ දෙදහක්ය
එයම වෙයි සතියකට දැන් ඉතින් සිතනු මැන
හැත්තෑවක්ම පැනලා පරව ගිය අතීතය
දුම්වැටිම කීයක්ද බඩු මිලත් වැඩි වන්නේ
මසක ඔබ උර ඇත්තේ කිමද මැසිවිලි ලන්නේ
මෙලෝ සිහියක් නැද්ද අඩු කලොත් පහ ගානේ
තුන් සියට එය නැග්ගේ තුන්දහක් ඉතුරුයිනේ
ලංකාවෙ ඔබ ඉන්නේ කිමද සිත සිත ඉන්නේ
විස්සක්ය එය වෙන්නේ පමා වී තව නැත්තේ
මසක ඔබ පුච්චන්නේ පෙනහළුය දියවන්නේ
හයදහක් පොඩි නැත්තේ සමාගම් තර වෙන්නේ
සල්ලි තියෙන්නෙ අපේ අතේ රැදෙන්න විතරක් නෙවේ.ඉතින් ඔය සමාගම් වල වැඩ කරන අයට පඩිත් දෙන්න එපැයෙ චාලි.......
ReplyDeleteහොද අදහසක්.ලොකේටම පාඩමක්.මිනිස්සු තමන්ගෙ ජිවිතයෙ වටිනාකම දන්නැතිව ගින්දර බොනව කියලයි මට හිතෙන්නෙ.......
අම්මගෙ තන පුඩු වල හා හා පුරා කියලා තොල් තියලා ඒ ලේ කිරි කරවගෙන බොන මිනිස්සු ඇයි මෙවට ඇබ්බැහි වන්නෙ........
ඔන්න මාත් ටුනාලන්තයට ආවා දැක්ක ගමන් ආවේ සිගරට් ගැන කියවන්නේ කියලා හිතුනා ඔකනම් මහා පවුකාර වැඩක් ඇබ්බැහි වුනොතින් වුනා තමයි ආයේ නවත්වන්නට බැ
ReplyDeleteදුම් වැටිය අතට ගෙන
ReplyDeleteදුම් පිබි ලොක්කන් විලස
නොබොන අපිටත් වින කටින
මාරයා වෙයි දුම් වැටිය...
පුරුදු වු කරුමයට
මත් බවේ ලොල් කමට
සල්ලි දී අත වනයි
අද අදම මරණයට...
තනිකම දෑනුනු හෑම විට
ReplyDeleteඔබ සිටියා මා සුරතේ
මගෙ දුක මකමින්
ඔබ රෑදුන ම ලග...
මගෙ දුක කියන විට
උනුසුම දෙමින් අසා සිටි
මගෙ දයාබර දුම් වෑටිය
කෙලෙස ඔබ අත් අරින්නද...
@ රුකා ඔය සමාගම් අයිතිකාරයොත් ඔය බිස්නස් එක නැවැත්තුවොත් නිකම්ම ඉන්න එකක් නෑ නේද? වෙන මොනවා හරි බිස්නස් එකක් පටන් ගනියි නේ. අපි එහෙම හිතමු එතකොට ඒ සේවකයොත් බේරෙනවනේ.
ReplyDelete@ වෙලාව ලගයි බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. ඇබ්බැහි උනොත් ඉතින් නවත්තන්න අමාරුයි තමා හැබැයි අමාරුයි කියන්නේ බෑ කියන එකට නෙමෙයිනේ. ඇබ්බැහි වෙච්ච කට්ටියට නවත්තන්න වෙලාව ලගයි කියමුකෝ.
@ අසනි
ReplyDeleteදුම් වැටියට පුරුදුව
තැනක් නොතැනක් නැතිව
දුම් පිඹූ ලොක්කන්ට
වැට බැද ඇත අද නීතිය
ප්රණාමය මහ රජුට..............
@ සුරා
ReplyDeleteතනිකම දැනුණ විට
කියවන්න පොත පත
වැඩිවේවි ඔබේ දැනුම
මකනවා ඔබේ දුකද......
ලෝකයේ හොදම තේ
අප පොලොවේ ජනිත වේ
උණුසමද දුම්වැටියේ
පරදවයි අපේ තේ......