Tuesday, May 17, 2011

සල්ලාල රජුට එරෙහි වූ අරාබි වෙලෙන්දා

මේ කතාව ටිකක් වෙනස් කතාවක් මට කිව්වේ මාලේ ඉන්න යාළුවෙක්!
                                                                    

 කියවලාම බලන්නකෝ..............
මාලදිවයින, (මාලයක හැඩය වෙච්ච දිවයින)
    මීට සෑහෙන කාලෙකට කලින් ථේරවාදී බෞද්ධයෝ හිටපු රටක්ව තමයි තිබිලා තියෙන්නේ.හැබැයි දැන් නම් මේ රටේ ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් අදහන්න නීතියෙන් ඉඩක් නෑ. කොටින්ම කිව්වොත් මෙහෙ දැන් ඉන්නෙ  100%ක්ම සුන්නි මුස්ලිම් වරු. ඔන්න අහගන්නකො එහෙනම් මගේ යාලුවා මට කිව්ව කතාව.


ඒ දවස් වල මෙහෙ රජ කරලා තියෙන්නේ කාමයට ලැදි රජ කෙනෙක්. කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුෂයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් (අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා මල් පරාදයි...ඕගොල්ලෝ කවදා හරි මාලේ ආවොත් මජිදි මගු පාරේ පොඩි රවුමක් ගහන්න අමතක කරන්න එපා.......) ඉන්නා නිවාස වලට සලකුණක් දමන එකයි. මේ කටයුත්ත වෙන්නේ හොර රහසේ........

යම් කිසි යක්ෂයෙක් ඇවිත් නිවාසවල සළකුණක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුෂයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න. ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුෂයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු. රජතුමත් පුදුම යකෙක් තමයි නේද?
ඔය අතරේ මාලදිවයිනට අරාබියේ සිට ඉතා බලවත්,ධනවත් වෙලෙන්දෙක් පැමිනියා. ඔහුගේ නම "අබු අල් බරකත් අල් බර්බාරි". ඔහුට මේ කතාව ආරංචි උනා.එයාට මේ ගැන සැක හිතිලා දින ගණනාවක් මේ ගැන හොයලා තියෙනවා.දන් නැද්ද අරාබිකාරයන්ටත් ඕන් නැති මගුලක් නෑ නේ.අන්තිමට වැඩේ අහු උනා.....පොර කෙලින්ම රජ්ජුරුවෝ හම්බ වෙන්න ගියාලු.ඊට පස්සේ තමා සියල්ල දන්නා බවත්,මේ රහස එලි කරහොත් ජනතාව කුපිත වී රජකම අහිමි විය හැකි බවත් කීවාලු.බය වෙච්ච රජතුමා රහස එලි නොකරන ලෙස බැගෑපත් වී තමා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති බවත් කියා සිටියාලු.(රජකම් කලත් කල කම් පලදෙනවා කියනවානේ.)
මේ අවස්තාවෙන් ප්‍රයෝජනය ගත්ත "අල් බර්බාරි"(අරාබි වෙලෙන්දා) රහස එලි නොකිරීමටනම් මින් පසු එම වරද නොකරන ලෙසත්,අරාබි කරයෙන් පැමිණි තමන් මුස්ලිම් ආගමේ බලයෙන් යක්ෂයා විනාශ කර දමන බවත්,එම නිසා මුස්ලිම් ආගම ඉතා බලවත් බවත්,සෑම දෙනාම මෙතැන් පටන් බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගත යුතු බවත් දන්නලා තියෙනවා.දැනට මාර්තු 7 වෙනි දින මාලදිවයිනේ "The Day Maldives Embraced Islam" යනුවෙන් නිවාඩු දිනයක් පළකර ඇත්තේ මේ සිදුවීම සිදු වූ දිනය සිහිපත් කිරීමටලු.
රජා එදා පටන් මාල දිවයින ඉස්ලාම් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කරාලු.අදටත් වෙනත් කිසිදු ආගමක් හෝ ආගමකට සම්බන්ද ලිපියක් හෝ මාලදිවයිනේ පල නොවේ.කොටින්ම කියනවානම් වෙසක් කාඩ් එකක්,නත්තල් කාඩ් එකක් වත් මාලදිවයිනට තැපෑලෙන් එන්නේ නෑ.ඔවුන් ඒවා විනාශ කරනවා.එසේ මුස්ලිම් වරුන් විනාශ කර දැමූ වෙහෙර විහාරස්තාන වල නටඹුන් අදටත් දකුණු දෙස ඇති සමහර ජන ශුන්‍ය දූපත් වල තිබෙනවාලු(මේ දකුණු පැත්තේ තියෙන්නේ ඒවගේ පින්තූරයක්). තවත් විහාරස්ථාන දැන් මුස්ලිම් පල්ලි වලට හරවලා (ඔය මුලින්ම ‍තියෙන්නේ ඒ වගේ පල්ලි වල පින්තූර 2ක්). මේක සමහර වෙලාවට කට කතාවක් වෙන්නත් පුළුවන්. ඒත් ඉස්සර බෞද්ධ රටක් ව තිබී පසුව බලහත් කාරයෙන් ඉස්ලාම් දහම වැලදගත් බව නම් විශ්වාස කරන්න පුලුවන්.මාලදිවයින විතරක් නෙමේ ඔය මැලේසියාව, ඉන්දුනීසියාව එහෙමත් ඉස්සර බෞද්ධ රටවල් කියනවානේ. ඒවත් පසුකාලයේ මුස්ලිම් වුනානේ.එහෙම වෙච්ච එක පිටිපස්සේ මේ වගේ කතා තියෙන්න පුලුවන් ඒවත් දන්නවනම් මගේ තීරුවේ එකක් දාන්න අමතක කරන්න එපා. මේක මුස්ලිම් ආගමට මඩ ගහන්න ලියුවා කියලා හිතන්නත් එපා හොදද?

14 comments:

  1. Yap Shantha,

    Its sounds very interesting story but i don't like the ultimate result of the story...

    ReplyDelete
  2. ඇත්තටම කතාව ලස්සනයි. කාලෝචිතයි... කාලෙකට පස්සේ හොද post එකක්. Copy Past කලාවෙන් ඉදිරියට ඒම ගැන.. ආඩම්බරයි...

    ReplyDelete
  3. අපිට ඇහුනු කතාවක් ගැන විමර්ශනය කරලා Photos හොයා ගෙන blog එකක් ලියලා දැම්මම ඒකට කියන්නේ Copy Paste ද?

    Any way we value your comments....

    ReplyDelete
  4. අයියෝ.... මං කිව්වේ....අනිත් Post එක්ක බැලුවම මේක හොද Post එකක් කියලා...

    ReplyDelete
  5. Sorry Machan

    Thanks for your comment
    but there was only one copy paste post i had earlier........

    ReplyDelete
  6. Thejan Malli... Matath hithenawa end eka echchara lassana ne kiyala. Mata hithenne Maldivians la rawattala tiyenne kiyala. Minissu rawattapu raja ayin kala nam, that felow is a great man and still maldives is a buddist country. anyway, all has happened THOHHHHH......
    This is nice and interting post from you. highly appriciate and looking forward more

    ReplyDelete
  7. good work thejan malli.
    this is truth with what i have heard.Than that i apriciate your abitlity of writing..........
    Keep it up...........
    තව ෙගාඩාක් ලියන්න

    ReplyDelete
  8. Thanks for Ruka and Shantha for your comments

    and would like to thanks Varuna Chaminda he only told and encourage me to write this story.....

    ReplyDelete
  9. p/s machan write one more we are waiting........

    ReplyDelete
  10. NO time for writing machan
    give me couple of days I will come out with a good one.......

    thanks for your interest...

    ReplyDelete
  11. The arab traders name in the story is "Abu al Barakat ul Barbari" according to iban batutua's records...............

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ