Monday, July 11, 2011

කොයිමලාගේ පැමිණීම සහ මාලේට නම හැදුනු හැටි

ඔන්න මම කියන්න යන්නේ ජන කතා ටිකක් හැබැයි මේවා සිංහල ජනකතා නම් නෙමේ මේ ජනකතා ඇහෙන්නේ මාලදිවයිනෙන්.

මාලදිවයින හැදිලා තියෙන්නේ දූපත් 1200 කින් විතර කියලා හුගක් අය දන්නවානේ හැබැයි ඉතින් මේවාගෙන් ජනාවාස වෙලා තියෙන්නේ දූපත් 200ක් විතර කියලයි ගණන් හදලා තියෙන්නේ.මාලදිවයිනේ හුගක් ජනකතා පදනම් වෙලා තියෙන්නේ පොල් ගහයි ටූනා මාලුවායි එක්ක තමා.

මාලදිවයිනේ පදිංචි වුන මුල්ම ජන කොට්ඨාශය ලෙස හැදින්වෙන්නේ දකුණු ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් සහ ලංකාවෙන්  පැමිණ ගිරාවරු දූපතේ පදිඃචි වූ ද්‍රවිද ජාතිකයනුයි.අද මේ දූපතේ සංචාරක හෝටලයක් ඇති අතර මිනිසුන් ජීවත් වන්නේ නෑ. මෙහි පදිඃචි වූ මුල් පදින්චිකරුවන් තමන්ගේ ජීවන වෘත්තිය කර ගත්තේ ධීවර කර්මාන්තය.මෙහෙ ඉතින් වෙන මොනවා කරන්නද නේද?

ඔය ධීවරයෝ තමන්ට හොදට මාලු අහු වෙච්ච දවසට පුරුද්දක් විදිහට ඒ මාලු කපලා සුද්ද කරන්න ආවේ ෆිහොල්හු දූපත ලග තියන වැලි තලාවටලු. ටික දිනක් මේ විදිහට දිගටම හොදට මාලු අහු වෙන කොට මාලු සුද්ධ කර කර හිටපු මිනිස්සු දැක්කාලු ගොඩක් මාලු කොටස් සහ ලේ ගිහින් මුහුදේ පැත්තක් ලේ පාට වෙලා තියෙනවා. මේක දැකපු මිනිස්සු "මහා ලේ විල" කියන නම දැම්මාලු මේ ප්‍රදේශයට. ඕක තමා පහු කාලෙක වෙනස් වෙවී ඇවිත් මාලේ කියන නම දැන් හැදිලා තියෙන්නේ.

ඔහොම මේ මාලේ දූපතත් ටික ටික ජනාවාස උනාට මේ දූපතට රජෙක් ඉදලා නෑ. එහෙම  ඉන්නකොට තමා ආපහු පාරක් ඉන්දියාව පැත්තෙන් කොයිමල කියලා කෙනෙක් ලොකු නැවකින්  තමන්ගේ පිරිවරත් එක්ක මාලේ දූපතට බැහැලා තියෙන්නේ. හරියටම ඔය විජය කුමාරයා ලංකාවට ආවා වගේ හැබැයි ඒ කාලේ මාලේ නම් කුවේණියක් හිටියා කියලා ඇහෙන්න ලැබෙන්නේ නෑ.එයා ඇවිත් මේ දූපතේ ටික කාලයක් ඉන්න කොට ජනතාව මේ කොයිමල තමන්ගේ රජා කියලා පිලි අරගෙන එයාට මාලිගාවක් එහෙමත් හදලා දීලා තියෙනවා. ඊට පස්සේ තමා මේ දූපතේ ගස් එහෙම පැල කරන්න පටන් ගෙන තියෙන්නේ.

දන්නවද මාලේ මුලින්ම පැල කරපු ගහ මොකද්ද කියලා?

ඒ තමා පැපොල් ගහ........

මාලේ ගැන තව කතා තියෙනව කියන්න ඒවා පස්සෙ කියන්නම්................(හුගක් ඒවා හොල්මන් කතා)

5 comments:

  1. තමන්ටවත් අතීතයක් තිබ්බා කියලා
    අමතක වෙච්ච මිනිස්සු ඉන්න සමාජෙක
    ආගන්තුක රටක වැලලෙන අතීතය
    නටබුන් අතරින් හොයාගෙන යන ඔබ ගැන
    පුදුමයි මට..

    ReplyDelete
  2. මෙවා හරි වැදගත් කතා.ඇත්තටම බ්ලොග් එකක ලියන්න ඔන මෙ වාගෙ දෙවල්

    ReplyDelete
  3. ඉතිහාසය

    මට මතකයි මම පොඩි කාලේ ඒ තමයි මම ආසම කරපු පාඩම
    අම්මා පාඩම් කරන්න කියලා සැර වුන වෙලාවට මගේ අතට ආපු පොත් දෙකක් තිබුනා
    එකක් ගණිතය අනික ඉතිහාසය
    සාමාන්‍ය පෙලට අතිරේක විෂයක් තෝරද්දි ඉස්කෝලෙ සර්ලා අපිට තෝරලා දුන්නේ සංවර්ධන අධ්‍යනය කියලා මට කියලා දෙද්දිම එපා වෙන පාඩමක් නමුත් මම විභාගෙ කිට්ටු වෙලා වෙන ඉස්කෝලයක යාලුවෙක්ගෙ පොතක් ඉල්ලගෙන පාඩම් කරලා විභාගෙට ලිව්වේ ඉතිහාසය

    ඉතින් මට හිතුනා මේ රටට ආවහම අපිට වගේ ප්‍රෞඩ ඉතිහාසයක් නැතත් මේ රටේ තියෙන ඉතිහාසය ගැන පොඩ්ඩක් සොයා බලන්න කියලා.

    ඒ සොයා යෑමේ දෙවෙනි ප්‍රතිඵලය තම මේ

    ඉතින් අසනියෙ සහ රුකා අයියේ බොහොම ස්තූතියි ඔබ දෙපලගෙන් ලැබෙන සහයෝගයට

    ReplyDelete
  4. ඔන්න ලාංකිය සිතුවිලි වල නව බ්ලොග් බැලිමේ පුරුද්දක් විදිහට මම අලුතෙන් එන ඒවට ගොඩාක් ගොඩ වෙනවා... ඔයා ගේ බ්ලොග් එකේ මම ගොඩාක් පොස්ට් කියෙව්වා.... ඇත්තමයි අමුතු හැඩයක් ඔයගේ රටාවේ තියනවා... මම ලිපිය ටාගට් කරලා කමෙන්ට් එක නොදැම්මට සොරි... ඔන්න දිගටම ලියන්න... අපි එනවා බලන්න... වැඩි හොදට ෆලෝ එකකුත් දැම්මා....

    ජය වේවා...............

    ReplyDelete
  5. @ දේවා බොහොම ස්තූතියි ඇවිත් බැලුවට සහ දාපු වටිනා කියන කමෙන්ට් එකට.
    ලිපිය ටාගට් කලේ නැතිවට කමක් නෑ දිගටම බලලා යන්න එන්නකෝ.

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ