Sunday, May 29, 2011

අ‍පේ මාළු ෆැක්ටේරිය

ඒ මම ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් විගණන ආයතනේ වැඩ කරන කාලේ, හරියටම කිව්වොත් 2009 ජූලි, අපේ  අභ්‍යන්තර විගණනේ ලොක්කා නිවාඩු යන්න ලෑස්ති වෙලා කස්ටියට කරන්න වැඩ බාර දෙනවා. මට කතා කරලා කිව්වා එන්සිස් ‍ෆැක්ටරි එකේ අභ්‍යන්තර විගණයක් තියෙනවා ඒක ලබන සතියේ පටන් ගන්න කියලා. මට මොබයිල් අංකයකුත් දුන්නා ජිබාගේ (සිවා) (අපේ ඉන්දියන් බොසාලා එහෙම තමා "ස" යන්නට කියන්නේ "ජ" යන්න "ව" යන්නට කියන්නේ "බ" යන්න).කොහොම හරි මම කර කර හිටිය වැඩේ දිග් ගැහිලා එන්සිස් ‍එකට ගියේ මගේ විගණන ජීවිතේ හම්බ වෙච්ච හොදම යාළුවා මිලාන්.දවස් දෙක තුනකින් මමත් ගියා.අපි වැඩ පටන් ගත්තේ මාලේ තියෙන ප්‍රධාන කාර්යාලයෙන්.සතියකට විතර පස්සේ තමා ෆැක්ටරි එක බලන්න ගියේ.
ෆැක්ටරි එක තියෙන්නේ හුලුමාලේ. ඒ කියන්නේ මාලේ නගරයේ ඉදන් විනාඩි විස්සක් බෝට්ටුවක යන්න ඕනේ.එතන ඉදන් තව විනාඩි දහයක් පයින් යන්න ඕනේ.එක ගොඩනැගිල්ලක තමා ඔක්කොම තියෙන්නෙ ඒ කිව්වේ ෆැක්ටරිය ගිණුම්, මානව සම්පත්, පරිපාලන, මෙහෙයුම් අංශ විතරක් නෙමේ.ෆැක්ටරි එකේ වෑඩ කරන 180 වක් විතර වන සේවකයන්ට නවාතැන් පහසුකම් දීලා තියෙන්නෙත් එකම ගොඩනැගිල්ලේ.

මාලදිවයිනේ මාලු අහුවෙන කාලයක් තියෙනවලු.අපි ගිය කාලේ මාලු අහුවෙන්නේ නැති කාලේ අපිට නිශ්පාදන ක්‍රියාවලිය බලන්න යන්න ඕනෙ කියලා අපි කිව්වෙ ගියපු පලවෙනි දවසේ වුනත් අපිට ඒ අවස්තාව ලැබුනේ සති දෙකකට විතර පස්සෙ.හදිස්සියෙම දවසක් නිශ්පාදන කලමනාකරු ඇවිල්ලා කිව්වා.අද ඔයගොල්ලොන්ට නිශ්පාදන ක්‍රියාවලිය බලන්න පුලුවන් කියලා. කාලෙකට පස්සේ එදා මාලු ඇවිල්ලා තිබුනා.මාලුවා කිව්වට හෑම මාලුවම මේ ෆැක්ටරි එකේ කපන්නේ නෑ යෙලෝ ෆින් ටූනා කියන මාලුවා තමයි වැඩිපුරම අපනයනය කරන්නේ.යෙලෝ ෆින් ටූනා ගැන වැඩි විස්තරයක් දැන ගන්න ඕනේ නම් රුකාගේ බ්ලොග් අවකාශයේ සී චිකන් කියන පෝස්ට් එක බලන්න.

මේ ෆැක්ටරියේ ක්‍රියාවලිය පටන් ගන්නේ ජැටි එකෙන් එතනට තමා ධීවරයො මාලු අල්ලලා ගේන්නේ එතකොට මාලුන්ගේ මිල නියම වෙල ඉවරයි ඒ කිව්වේ ජෑට්යට ගේන්න කලින් ධීවරයො මාලුන්ගෙ මිල ගණන් මෙහෙයුම් කලමනාකරු එක්ක කතා කරගෙන තමයි මාලු අරගෙන එන්නෙ. මම නම් එච්චර ලොකු මාලු දෑක්කෙත් එදා තමයි සමහර මාලු කිලො අසූවක් ව්තර බරයි.ඒ වුනාට පස්සේ දෑන ගත්ත තොරතුරු වලට අනුව ලංකාවෙත් මේ වගේ මාලු රට යවන කම්පෑනි 38 ක් විතර තියෙනවාලු.හෑබයි GSPසහනය අහිමි වීමත් එක්ක ඒ ෆෑක්ටරි හුගක් අමාරුවෙන්ලු දුවන්නේ.අපි ජැටියට ගියේ මාලු Grade කරනව බලන්න.එතනදි මාලුන්ව Grade A, Grade B, Half grade කියලා grade කිහිපයකට වර්ග කරනවා.ඒකට පාවිච්චි කරන්නේ Grading කූර ඒකෙන් මාලුවට ඇනලා මාලුවගේ ඇගේ තියෙන මස් සාම්පල් එකක් එලියට ගන්නවා.ඒකේ තියෙන පාටයි හැඩයයි අනුව තමා මාලුවගෙ grade එක තීරණය වෙන්නේ.ඊට පස්සෙ තමා ඒ මාලු factory එකට එවන්නේ.එතනදි Receiving supervisor තමා මාලු භාර ගන්නේ.අපේ audit එක කරන කාලෙ නම් Receiving supervisor හිටියෙ රුකා අයියා.එයා චෙක් කරනවා ග්‍රේඩර් දුන්න ග්‍රේඩ් එක හරිද කියලා.තත්ව පාලන අංශයෙන් සාම්පලයක් අරගෙන බලනවා  මාලුවාගේ ඌෂ්ණත්වය සාමාන්‍යද කියලා. ඊට පස්සේ තමා මාලුවා කැපුම් අංශයට යවන්නේ.


එතනදි මුලින්ම මාලුවාගේ ඔලුව කපලා අයින් කරනවා. ඊට පස්සේ මාලුවාව පලු හතරකට වෙන් කරනවා.ඒ පලු හතරෙන් උඩ පලුවට කියන්නේ චන්ක්ස් කියලා යට පලුවේ නෑට්ටට යනකන් ලොයින්ස්.එහෙම කපන මාලු කොටස් කෙලින්ම යවන්නේ පැකින් අංශයට.එතනදි ඒ කෑලි වැකියුම් පැක් කරලා තමා අදාල පෙට්ටි වලට අහුරන්නේ ඊට පස්සේ තමා මේ කොටස් රට පටවන්නේ.ඔතන අයින් කරන කෑලි ඒ කියන්නේ ඔය ඈස් සහ අනිත් පොඩි පොඩි කෑලි තමා දේශීය වෙලද පලට යන්නේ.
මගේ පරණ යාලුවෝ දෑන් මම හම්බ වෙලා වෑඩ කරන්නේ එන්සිස් එකේ කිව්වාම මේ ක්‍රියාවලිය අඩු වෑඩි වශයෙන් අහනවා ඒකයි මේක බ්ලොග් එකක් ව්දිහට ලියල තිබ්බේ දෑන් මම ඒගොල්ලොන්ට කියන්නේ මගේ බ්ලොග් එක බලන්න කියලා.සමහර වෙලාවට ඔයා බලන්නෙත් මම ඔයාට එහෙම කියපු හින්දා වෙන්න ඇති.එදා අපිව ප්‍රඩක්ශන් එක පෙන්නන්න එක්කන් ගියෙ දෑන් මගේ එහා පෑත්තේ මේසේ වෑඩ කරන වරුන චමින්ද.
ඒ මීට අවුරුදු දෙකකට කලින් නමුත් අදට මම මේ ෆෑක්ටරි එකේ වෑඩට ඈවිල්ලා මාස තුනයි.මේ ෆෑක්ටරියේ වෑඩ කරන කොට මුලු දකුණු ආසියාවත් එක්කම කටයුතු කරන්න වෙනවා මොකද මෙහෙ දකුණු ආසියාවේ රටවල් පහක සේවකයන් වෑඩ කරනවා.ඒගොල්ලෝ භාෂා නමයක් කතා කරනවා.හෑබෑයි මේ ජාතීන් අතරින් එකමුතුම ජාතිය ශ්‍රීලාංකීය ජාතිය කියන එක අවිවාදයෙන් කියන්න ඕන.මොකද හෑම වෙලේම අපේ කට්ටිය මොනම ප්‍රශ්නේ ආවත් එකට කටයුතු කරනවා.මෙහෙම ජාතියක ඉපදෙන්න ලෑබීමත් වාසනාවක් කියලා හුගක් වෙලාවට අපිට හොදටම තේරෙන්නේ රට්න් පිට ගියාම තමා.ඉතින් ඔයගොල්ලොත් රටින් පිට නම් ඈති මේ වගේ අත්දෑකීම්.මොකද හිතෙන්නේ අපේ ජාතිය ගෑන අපේ ෆෑක්ටරි එක ගෑන.

ලියන්න........................ ඔයාටත් ඉඩක් තියෙනවා මගේ ඈසූ පිරූ ලෝකයේ.

6 comments:

  1. ඇත්ත්ටම අපෙ අය එ කියන්නෙ ලන්කාවෙ අය ගොඩාක් සමගියෙන් ඉන්නවා.අපි ලාන්කිකයො කියන එක පෙන්නනවා.
    එත් මෙතෙන ලන්කාවෙ ගෑනු ලමයෙක් හිටියනම්........

    ReplyDelete
  2. හිටියනම් බඩුම තමා.........

    ReplyDelete
  3. interesting...keep it up...

    ReplyDelete
  4. Thanks Dan
    We are waiting for your blog

    ReplyDelete
  5. Grate Memories of Ensis.
    Thanks Indika

    ReplyDelete
  6. You are welcome my Dear friend........

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ