Tuesday, July 26, 2011

අදුරු සළු අතරින්

මාලේ පාරක
තනිවූ මොහොතක
අදුරු සළු අතරින්
මා දුටු දෑසක්

ඒ දෑසේ කතාව
ලොවට කියන්නට
විවර කරනු මැන
ඔබගේ හදවත්

මාලෙට නිදහස
ලැබුනේ අද වැනි දින
බුර්කාවෙන් නිදහස
කෙදිනද ඈ හට...........

3 comments:

  1. මාලේ අහසේ
    දිදුලුවාට,
    ඒ නිදහස් සද
    සදවතියට
    නිදහස නෑ,
    බුර්කාවෙන් තොර...

    ReplyDelete
  2. පෝය දාට පායන සද
    වළාකුලෙන් වැසුනා සේය
    රිදී ඉරක් නොපායයිද
    උන්ට හොද නම් අපිට මොකද.........

    ReplyDelete
  3. Nidahasak motada burkawa wethin aeyata ...
    Burkawa adinnet pamanamalu sobaneta...
    Pa tiyana witama an rataka guwan thotakata..
    Burkawa galawa aeya duwai hanikata...
    (RLB)

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ