ඔන්න ඉතින් කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ ටූනාලන්තෙ වෙඩිමට යන්න චාලි ඇතුලු පිරිස ලෑස්ති වෙච්ච විදිහ .
ඔන්න ඉතින් 28 වෙනිදා තමා මේ කියාපු වෙඩිම තිබ්බේ. රාත්‍රී 8.30 ඉදන් 10.30 දක්වා කියලා තමයි කාඩ් එකේ දාලා තිබ්බේ. චාලි ඉතින් පුරුද්දක් විදිහට ඔෆිස් යෑමට හැර අනිත් හැම වැඩකටම පොඩ්ඩක් වෙලාව වැඩිපුර තියලා තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න චාලි ඔය පුරුදු විදිහටම ඉතින් 6.15 ට විතර ඕෆ් වෙලා කාමරේට ගියා. ඊට පස්සේ වොශ් එකක් එහෙම දාලා ඇදුම් මැදලා සපත්තුත් පොලිශ් කරලා වරුණගේ සහ සිවා අයියාගේ කාමර වලට තට්ටු කර බැලුවා අද වත් වෙලාවට ලෑස්ති වෙලාද කියලා.
මොන පිස්සුද දෙන්නාටම නින්ද ගිහිල්ලා. ආය කාමරේට ගිහින් හෙමීට ලෑස්ති වුනා. දෙන්නාව එලියට ගන්න කොට අටයි කාලත් පහුවෙලා. තුන් දෙනාටම ඕන වුනේ කොහොම හරි 8.30 ෆෙරි එකේ යන්න මොකද වෙඩිම තිබ්බේ මාලේ හෝල් එකක ඉතින් අපි ඉන්න හුලුමාලේ ඉදන් ෆෙරි එකක තමයි මාලේ යන්න ඕන. එලියට බහින්න හම්බ වුනේ නෑ අපි දන්න කියන සුරංග මානවඩු ආවා එයාට ලගදි එංගලන්තෙ ඉන්න බාප්පා එවපු කැමරාවකුත් අරගෙන. ඔන්න ඉතින් මිනිහාගේ වදෙන් බේරෙන්න බැරිකමට චාලි ඇතුලු පිරිස පෙනී සිටියා එකම එක ෆොටෝ එකකට. ඒත් ඉතින් ටැක්සිය ෆෙරි ටර්මිනල් එකට යනකොට 8.30 ගිහින් ඔන්න සෙට් එකම නැග්ගා 8.45 ෆෙරියේ බලාගෙන යනකොට අපි විතරක් නෙමේ පරක්කු. මනමාලිගේ අම්මාත් ඉන්නවා ඒ ෆෙරියෙම.
එකක් කියන්න ඕනෙ ටූනාලන්තෙ මිනිස්සු ගැන අර දීපාල් සිල්වාගේ සින්දුවක් තිබුනේ උන් 7 කියන්නේ 8 ට පුතේ කියලා. ඔන්න ඕක ටූනාලන්තෙ මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තොත් වෙනස් වෙනවා මේ විදිහට උන් 7 කියන්නේ 9.30 ට විතර පුතේ කියලා. හැබැයි ඉතින් ඕකත් වෙනස් වෙනවා ෆෙරි වලටයි බස් වලටයි එනකොට මොකද උන් 7 කියන්නේ 6.59ත් නෙමේ 7.01 ත් නෙමේ 7 ම තමා.
ෆෙරියේ ටික දුරක් යනකොට තමා සිවා අයියාට මතක් උනේ අපි තෑගි ගත්තට ඒවා පැක් කර ගන්න බැරි උනානේ කියලා. ඉතින් මොනවා කරන්නද. ෆෙරියෙන් බැහැලා ටැක්සියක් අල්ලගෙන මුලින්ම ගියේ තෑගි ඔතන කොල ගන්න කඩේකට. ඊට පස්සේ ගියා ඉලෙක්ට්‍රික් බඩු ගත්ත කඩේට. ගිහින් බැලින්නම් එතන සෙනග අම්බානක මොකද ඉතින් රාමසාන් කට උඩ නේ. අපි ශේප් එකේ බිල දීලා ඇහුවා. අපි කොල ගෙනාවා අපිට මේ බඩු ටික පැක් කරලා දෙන්න පුලුවන්ද කියලා. පැක් කරලා නම් දෙන්න බෑ ඕන නම් මෙතන තියාගෙන පැක් කරගන්න කියලා මෙන්න මැනේජර්කාරයා මේසයක් අස් කරලා දුන්නා. මොනවා කරන්නද ඉතින් මායි සිවා අයියායි අර දුන්න මේසේ තියාගෙන පැක් කරන්න පටන් ගත්තා. අපේ වරුණ චමින්දයා ඉතින් ඉස්ටයිල්කාරයානේ මිනිහා ඉතින් කඩේට එන එන කෙල්ලගෙන් අහනවා මේ ඔයා දන්නවාද තෑගි පැක් කරන්න. අනේ අපිට පොඩි හෙල්ප් එකක් දෙනවද? එක කෙල්ලෙක් නම් වැඩේට ඇඹරුනා ඒත් එතකොට අපි දෙන්නා තෑගි ටික පැක් කරලා ඉවරයි.
ඔන්න ඉතින් ඊට පස්සේ නම් කොහේවත් නැවතුනේ නෑ කෙලින්ම මගුල් ගෙදර. ගෙදර කිව්වාට මේක තිබ්බේ හරියටම මාලේ මැද තියෙන උත්සව ශාලාවක. ඔන්න අපි ගියා උත්සව ශාලාවට දොර ගාවින් ඇතුල් වෙනකොටම මෙන්න ඉන්නවා ජෝඩුව. අපේ දොන් හියාලා සුදුම සුදු ගවුමක් ඇදලා. චාලිට කෙලින්ම මතක් උනේ සින්ඩරෙල්ලා ඔව් එයා හිටියේ ඒ වගේ. මනමාලයා අපි ටූනාලන්තේ දකින අනික් කොල්ලොන්ට වඩා ප්‍රියමනාප පොරක්. එයා ඇදලා හිටියේ අර කමිසෙ උඩින් බැනියම අදින ඉස්ටයිල් එකේ කෝට් එකක්. ඒ දෙන්නා හිටපු තැන පිටිපස්සේ රෝස පාට කර්ටේන් එල්ලලා තිබ්බා. ඒක පෝරුවක් වගේ කියන්න අමාරුයි. හරියට අර ඉස්සර ලංකාවේ මංගල ඡායාරූප ගන්න ස්ටූඩියෝ එකක් වගේ. මනමාල ජෝඩුව හිටපු තැනට එහා පැත්තේ මේසයක් දාලා තිබුනා ගේන තෑගි තියන්න. නදීශා අක්කා කිව්වා වගේම මේ මේසේ පිරෙන්න පොඩි පොඩි පෙට්ටි තිබුනා. ඔන්න ඉතින් අපිත් ගෙනාපු තෑග්ග ඔය මේසේ උඩින් තියන්න ඒ පැත්තට හැරුණා.
එතකොටම අපේ දොන් හියාලා අපිට කතා කලා. ඔය ගොල්ලෝ මුලින්ම අතට අත දෙන්න ඕන. ඔන්න අපි තෑගි ටිකත් එක්කම ඒ පැත්ත හැරුනා. ඒත් එක්කම පොඩි එකෙක් මැද්දට පැනලා අපි ගෙනාපු තෑගි ටික ගත්තා. අපි ජෝඩුවට අත දීලා ඒ දෙන්නාත් එක්ක සමූහ ඡායාරූපයකට පෙනී සිටියා.ඊට පස්සේ මායි සිවා අයියායි ගිහින් එහා පැත්තේ ඉද ගත්තා. මට ඕනේ වුනේ අපේ මගුල් ගෙවල් වලින් මේක වෙනස් වෙන්නේ කොහොම්ද කියලා අධ්‍යනය කරන්න. මොකද ඔය ගොල්ලන්ට මතක ඇතිනේ රුකා අයියා කිව්වා අපේ දොන් හියාලා කොච්චර සැහැල්ලුවෙන් හිටියද කියලා මගුල්දාට කලින් දවසේ . වරුණ චමින්දට නම් ඕවාට වෙලාවක් තිබුනේ නෑ ඔෆිස් එකේ කෙල්ලෝ ටික වටවුනා එයත් එක්ක ෆොටෝ ගන්න.
ඔන්න මම දැක්ක වෙනස්කම්. අපේ වගේ පෝරුවක් නෑ. කොහොමත් ඒවා ඉතින් සංස්කෘතික වෙනස්කම්නේ. ඔතන පෝරුව නෑ කිව්වාම ඉතින් පෝරුවේ කරන චාරිත්‍ර ඔක්කොමත් නෑ. මම කෝකටත් වෙඩිමට ආපු තව ලමයෙක්ගෙන් ඇහුවා මුදු මාරු කරන ඒවා මාල පලන්දන ඒවා කරන්නේ නැද්ද කියලා. එයා කිව්වා ඒවා ආගමට අනුව අනිවාර්ය නෑ. හුගක් වෙඩින්වල ඒවා කරන්නේ නෑ කියලා. එතකොට බලාගෙන ගියාම චාරිත්‍රයකට කියලා මේ වෙඩින් එකේ කරලා තියෙන්නේ විවාහ රෙජිස්ටාර්ගේ පොතේ අත්සන් කරන එක විතරයි. ලංකාවේ හුගක් වෙඩින්වල දැන් වීඩියෝ කැමරාවක් පාවිච්චි වෙනවා දැකලා ඇතිනේ හැබැයි මේකේ එහෙම එකක් දැක්කෙත් නෑ. නිශ්චල ඡායාරූප ශිල්පියා ජෝඩුවට එක එක විදිහට ඉන්න කියලා ෆොටෝ ගන්නවා දැක්කෙත් නෑ. කවුරු හරි සුභ පතන්නෙක් ආවොත් ඔහු හෝ ඇය සමග මනාල යුවල ඉන්න ෆොටෝ පමණක් ගැනීමට ඔහු ප්‍රවේශම් වුනා. අපේ වෙඩින් එක්ක තියෙන ලොකුම වෙනස තමා මේ වෙඩිමෙ මදු විත නැති එක මොකද ටූනාලන්තේ ඕවා කොහොමත් තහනම්නේ අනික මේ වෙඩින් එකට අපි පස් හය දෙනා ඇරුනාම එන ඔක්කොම මුස්ලිම් ජාතිකයෝ. ඉතින් බොන්න නෑ කිව්වාම තෙරෙනවානේ ඒකට අදාල අනිත් සිදුවීම් ඒවත් නෑ. ඒ කියන්නේ කවුරුත් ඩාන්ස් කරන්නේ නෑ. වැඩි වෙච්ච අයගේ දෙහි ගාන ඒවා. ඔය ඔක්කොම මෙතන නෑ. මනමාල ජෝඩුවට නවක වදය නෑ.
ඔන්න චාලියා ඕවා ගැන කල්පනා කර කර ඉන්න කොට සිවා අයියා කන්න යන්න කතා කරා. ඔන්න අපි ගියා කෑම මේසෙට. බෙදා ගන්න නම් ජාති අඩු නැතිව තිබ්බා ටූනාලන්තෙට ආවේනික ටූනා ෆ්‍රයිඩ් රයිස් එක, මැකරෝනි වගේ විවිධ රට වල අයට හරියන විදිහට කෑම හදලා තිබ්බා. අතුරුපස වුනත් එහෙමයි. අපි ආපහු එනකොට ජෝඩුව කෑම මේසෙට ඇවිත් අපි ඉතින් ගියා අපේ දොන් හියාලාට සුභ පතලා එන්න. හැමදාම හිනා වෙලා ඉන්න හියාලා චාලිට මෙහෙම කිව්වා.
"චාලි හැපී වනි දෝ"
චාලිට කියන්න කිසි දෙයක් තිබ්බේ නෑ.
මොකද මගුල් දවසට පෙර සතියේ හැම දවසකම චාලි පුරුද්දක් විදිහට කිව්වේ "චාලි වර සෑඩ් වනි ඩියර්" කියලා. චාලි
ආපහු එනකොට දොර ලගම මේසෙක තිබ්බා රුපියල් දෙකේ කාසියක් තරම් රවුම් ඊට වඩා ගණකම දෙයක් ලංකාවේ අපේ වෙඩින් කේක් ඔතන විදිහට ඔතලා යන හැමෝම මේකෙන් එකක් අරගෙන තමා ගියේ. චාලිත් හිතුවා වෙඩින් කේක් කෑල්ලක් අරගෙන කාමරේට ගිහින් කනවා කියලා. වරුණ චමින්දයා කාමරේ ඉන්න සුජීවටත් එක්ක වෙඩින් කේක් දෙකක්ම ගත්තා. ඔන්න ඔහොමයි චාලි ටූනාලන්තෙ වෙඩිමට ගියේ.
ප.ලි.
ඔය වෙඩින් කේක් කොලේ ඔතලා තිබ්බේ වෙඩින් කේක්ම කියලාද ඔයගොල්ලන්ට හිතෙන්නේ.
ඔන්න අද වෙඩින් එකෙන් හරියටම දවස් හතරකට පස්සෙ දොන් හියාලා ඔෆිසුත් ඇවිල්ලා.
චාලියා ලගදිම දවසක කියන්නම්කො චාලි ටැමිල් වෙඩින් එකක ලැබූ අත්දැකීම්...................

චාලි කාමරේ ඇතුලට ගිහින් තනියම වෙඩින් කේක් කෑල්ලක් කන්න කියලා බැලුවේ ඔන්න බොහොම අමාරුවෙන් කොලේ ගලවගෙන බැලින්නම් මේකේ ඇතුලේ ඉටිපන්දමක්!!!!!!!!!!!!!!!!!!!!
චාලියා නම් තනියම කන්න ගිය හින්දා බේරුනා. වරුණ චමින්දයා සුජීවත් එක්ක එකතු වෙලා ඉටිපන්දම් කෑවද. සුජීවගෙන් අම්බානක බැනුම් ඇහුවද කියලා හිතා ගන්න පුලුවන් නේද?
ඔන්න අද වෙඩින් එකෙන් හරියටම දවස් හතරකට පස්සෙ දොන් හියාලා ඔෆිසුත් ඇවිල්ලා.
චාලියා ලගදිම දවසක කියන්නම්කො චාලි ටැමිල් වෙඩින් එකක ලැබූ අත්දැකීම්...................
අන්න අයියේ..මාත් කැමති මධු විත නැති විවාහයකට...කොච්චර ශෝක්ද..නේ..
ReplyDeleteමාත් ඉටි පන්දමක් දෙන එක ගැන හිතන්න ඕනා.. අඩුම තරමේ... මහත්තයගේ යාලුවොන්ට අරින ටිකවත්...හික්ස් (උබේ කටෙන් ඉටි මගේ කටෙත් ඉටි)
ඔව් ඔව් මහත්තයා නම් උඩින්ම කැමති වෙයි ඔය යෝජනා දෙකටම..........
ReplyDeleteඉටිම තමා.......
Aranchiyak awa oya saha Waruna Chaminda magul gedara yanna kalin dawase idanma kewe na kiyala ... ha ha ha.. :) Tawa deyak... Nadeesha akkage nama pawichici karapu ekata eya nak kemati na wage mata hitanne... Kohoma unat Waruna Chaminda ta nam mara abaddiyak tama wela tiyenne wedding cake kanna gihin :) Male' itin tiyanne wenasma sirith wirith ne.. itin ayi oyala wedding cake gana balaporottu tiya gatte :) mata nam paw kiyala hituna... Anyway, oyage post eka nam lassanai ... mage nama RLB.
ReplyDeleteමචං චාලි වියදම අඩු කරන්න හොද ක්‍රමයක් වගේ නේද ? හිකිස්
ReplyDeleteටැමිල් වෙඩින් එකේදිත් අනිවා ඇති ඔයවගේ අත්දැකීමක්..නේද ;)
ඒකත් ඉතින් ඉක්මනටම බලමු :)
itinpandama rasa athi neda?hikiz :D :D
ReplyDeletesc
@ RLB (රු.ලේ.බ)
ReplyDeleteඔව් ඔව් වරුණ චමින්දයා නම් දවස් දෙක තුනක් කෙසේ වෙතත් උදේ ඉදන්ම කාලා හිටියේ නෑ.
නදීශා අක්කාගෙන් අවුලක් නෑ මම එයාගෙන් අහලා නම දැම්මේ. ඔය පේන්නේ නැද්ද හැම තැනම ලයික් කියලා දාලා ගිහින් තියෙන්නේ. කැමති නැත්තම් ලයික් දායිද. හික්ස්..........
අපි වෙඩින් කේක් ගැන බලාපොරොත්තු තියාගත්තේ නෑ හලෝ ඔතලා තිබ්බ විදිහට හිතුවා ඇතුලේ වෙඩින් කේක් එකක් නැත්තම් චොකෝ එකක්වත් ඇති කියලා............
@ චම්මා
ReplyDeleteඔව් ඔව් වියදම වගේම මහන්සියත් අඩුයිනේ.
බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට.
@ SC මම ඉටිපන්දම් කෑවේ නෑ.
ReplyDeleteවරුණ චමින්දගෙන්වත් අහලා බලමු නේද රසද කියලා. හික්ස්....
බොහොම ස්තූතියි කමෙන්ට් එකට
එහෙනම් ටූනාලන්තේ මඟුල් ගෙවල් ඇත්තටම හොඳයි, ටූන ලන්තෙට ආව නම් මඟුලට යන වියදමත් එකට එකක් අඩුවෙයි මගේ හිතේ..
ReplyDelete