Saturday, July 23, 2011

කඩා හැලෙන අළු සමග දැවී යන ජීවිතය


සිත සිතයි ලත උනේ
කුමක් ගැන ලියනුයේ
හදිසියේ මතක් උනේ
හිසරදේ දුම් වැටියේ

ගෝල්ඩ් ලිප්ද ඔබ බොන්නේ
බෙන්සන්ද ඔබ බොන්නේ
දෙකේ වෙනසක් නැත්තේ
පෙනහළුය පිච්චෙන්නේ


ගණිනු මැන දිනකට                                           අවුරුද්දකට ගණිනු මැන
බොන්නේ දහයක් සිතලා                                   හැත්තෑ දෙදහක්ය
එයම වෙයි සතියකට                                         දැන් ඉතින් සිතනු මැන
හැත්තෑවක්ම පැනලා                                         පරව ගිය අතීතය

දුම්වැටිම කීයක්ද                                               බඩු මිලත් වැඩි වන්නේ
මසක ඔබ උර ඇත්තේ                                      කිමද මැසිවිලි ලන්නේ
මෙලෝ සිහියක් නැද්ද                                      අඩු කලොත් පහ ගානේ
තුන් සියට එය නැග්ගේ                                     තුන්දහක් ඉතුරුයිනේ

ලංකාවෙ ඔබ ඉන්නේ                                       කිමද සිත සිත ඉන්නේ
විස්සක්ය එය වෙන්නේ                                    පමා වී තව නැත්තේ
මසක ඔබ පුච්චන්නේ                                      පෙනහළුය දියවන්නේ
හයදහක් පොඩි නැත්තේ                                  සමාගම් තර වෙන්නේ

7 comments:

  1. සල්ලි තියෙන්නෙ අපේ අතේ රැදෙන්න විතරක් නෙවේ.ඉතින් ඔය සමාගම් වල වැඩ කරන අයට පඩිත් දෙන්න එපැයෙ චාලි.......
    හොද අදහසක්.ලොකේටම පාඩමක්.මිනිස්සු තමන්ගෙ ජිවිතයෙ වටිනාකම දන්නැතිව ගින්දර බොනව කියලයි මට හිතෙන්නෙ.......
    අම්මගෙ තන පුඩු වල හා හා පුරා කියලා තොල් තියලා ඒ ලේ කිරි කරවගෙන බොන මිනිස්සු ඇයි මෙවට ඇබ්බැහි වන්නෙ........

    ReplyDelete
  2. ඔන්න මාත් ටුනාලන්තයට ආවා දැක්ක ගමන් ආවේ සිගරට් ගැන කියවන්නේ කියලා හිතුනා ඔකනම් මහා පවුකාර වැඩක් ඇබ්බැහි වුනොතින් වුනා තමයි ආයේ නවත්වන්නට බැ

    ReplyDelete
  3. දුම් වැටිය අතට ගෙන
    දුම් පිබි ලොක්කන් විලස
    නොබොන අපිටත් වින කටින
    මාරයා වෙයි දුම් වැටිය...

    පුරුදු වු කරුමයට
    මත් බවේ ලොල් කමට
    සල්ලි දී අත වනයි
    අද අදම මරණයට...

    ReplyDelete
  4. තනිකම දෑනුනු හෑම විට
    ඔබ සිටියා මා සුරතේ
    මගෙ දුක මකමින්
    ඔබ රෑදුන ම ලග...

    මගෙ දුක කියන විට
    උනුසුම දෙමින් අසා සිටි
    මගෙ දයාබර දුම් වෑටිය
    කෙලෙස ඔබ අත් අරින්නද...

    ReplyDelete
  5. @ රුකා ඔය සමාගම් අයිතිකාරයොත් ඔය බිස්නස් එක නැවැත්තුවොත් නිකම්ම ඉන්න එකක් නෑ නේද? වෙන මොනවා හරි බිස්නස් එකක් පටන් ගනියි නේ. අපි එහෙම හිතමු එතකොට ඒ සේවකයොත් බේරෙනවනේ.

    @ වෙලාව ලගයි බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. ඇබ්බැහි උනොත් ඉතින් නවත්තන්න අමාරුයි තමා හැබැයි අමාරුයි කියන්නේ බෑ කියන එකට නෙමෙයිනේ. ඇබ්බැහි වෙච්ච කට්ටියට නවත්තන්න වෙලාව ලගයි කියමුකෝ.

    ReplyDelete
  6. @ අසනි

    දුම් වැටියට පුරුදුව
    තැනක් නොතැනක් නැතිව
    දුම් පිඹූ ලොක්කන්ට
    වැට බැද ඇත අද නීතිය

    ප්‍රණාමය මහ රජුට..............

    ReplyDelete
  7. @ සුරා

    තනිකම දැනුණ විට
    කියවන්න පොත පත
    වැඩිවේවි ඔබේ දැනුම
    මකනවා ඔබේ දුකද......

    ලෝකයේ හොදම තේ
    අප පොලොවේ ජනිත වේ
    උණුසමද දුම්වැටියේ
    පරදවයි අපේ තේ......

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ