Sunday, July 3, 2011

සිංහාවලෝකනය

ලෝඩ්ස් ක්‍රීඩා පිටිය හදුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර කියලනේ. ඉතින් මේ පිට්ටනියේ ශතකයක් වාර්තා කිරීම ඕනෑම ක්‍රීඩකයෙක්ගෙ සිහිනයක්. අද අපි දැක්කා දිනේශ් චන්දිමාල් මේ පිට්ටනියේ එයා සහභාගී වෙච්ච පලමු තරගේදීම ශතකයක් වාර්තා කරනවා.හැබැයි එක ක්‍රීඩකයෙක්ගේ සුවිශේෂ කැපවීමක් නොවන්නට මේ ශතකය ලකුණු අනූ ගණනකට සීමා වෙන්න ඉඩ තිබ්බා.ඒ කැපවීම කලේ කණ්ඩායමේ උප නායකත්වයට නියම සුදුස්සා වන ඇන්ජලෝ මැතිව්ස්.
ඔහු දිනේශ්ගේ ශතකය වෙනුවෙන් දිනේශ්ටත් වඩා අවදානමක් ගත්තා.ඒ අවදානම කොතෙක්ද කියනවානම් තරගය පැරදීමට වඩා පවා ඉඩකඩ තිබ්බා. කොටින්ම කියනවානම් ශ්‍රීලංකා ඉනිමේ අන්තිම පන්දුවාර කිහිපය තරගයකට වඩා චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක ස්වරූපයක් ගත්තා. ඒ නිසා තමා මෙහි මාතෘකාව ලෙස මම "සිංහාවලෝකනය" යන්න යොදා ගත්තේ.ඒ පන්දුවාර වල ස්ටාර් ක්‍රිකට් කැමරාව පිටිය දෙසට වඩා යොමුව තිබුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගරය දෙසට මොකද  කණ්ඩායමේ නායක ඩිල්ශාන්ට පවා හොදටම කේන්ති ගිහින් තිබ්බ බවක් තමා දිස් උනේ. විශේෂයෙන්ම ග්‍රැහැම් ස්වෝන්ගේ සහ ඩර්න්බාර්න්ච්ගේ පන්දුවාර දෙකකදී එකදු ලකුණක් වත් ලබා ගන්නට මැතිව්ස් උත්සාහ කලේ නෑ. එක වරක් චන්දිමාල් ලකුණක් සදකා විකට් අතර ඇති යාර විස්සෙන් යාර පහලවක් පමණ දිව ආවත් මැතිව්ස් ඔහුව හරවා යැව්වා.

ඒ අතර පිතිකරුවන්ට පණිවිඩයක් රැගෙන පැමිණි ක්‍රීඩකයාව පවා විනිසුරුවරයා හරවා යැව්වා. එංගලන්ත ක්‍රීඩක පීටර්සන් සමග වචන හරඹයකට මැතිව්ස් මැදි වන්නෙත් චන්දිමාල්ට ශතකය ලබා දීමේ උවමනාව නිසයි. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී පවා එංගලන්ත නායක ඇලිස්ටයාර් කුක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ හැසිරීම විවේචනයට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් චන්දිමාල්ගේ පිත්තෙන් ලකුණු 100 ලබා ගැනීම සදහා එල්ල කරන 6 පහර මැතිව්ස්ට, චන්දිමාල්ට වගේම සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට අස්වැසුමක් ගෙනදුන් පහරක්.ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලෝඩ්ස් පිටියේ එක් දින තරගයකදී ලබාගත් තුන් වන ශතකය මෙයයි මීට පෙර මේ දස්කම සිදු කර ඇත්තේ මාවන් අතපත්තු සහ උපුල් තරංගයි.ටෙස්ට් තරග වලදී නම් අපේ ක්‍රීඩකයෝ ශතක 7ක් වාර්තා කර තිබෙනවා ඉන් 2ක්ම මහේල ජයවර්දනගේ.
මෙය නැරඹූ ඔබ සමහරවිට මැතිව්ස්ගේ මේ ව්‍යායාමයට සහය පලකරන්න ඇති කොටින්ම කියනවා නම් චාලිත් හිටියේ ඒ පැත්තේ හැබැයි වැරදිලාවත් ඒ අවස්තාවේ ඒ විකට් දෙක සමග තවත් විකට්ටුවක් ඇද වැටී තරගය පැරදුණා නම් ඔබ සියල්ල සිටින්නේ මැතිව්ස්ට චෝදනා කරන පාර්ශවයේ බව නොඅනුමානයි.
ඔය ගොල්ලන්ට මොකද හිතෙන්නේ මැතිව්ස්ගේ පන්දු 21 ලකුණු 1 යි ඉනිම ගැන ලියන්න කමෙන්ට් බොක්ස් එකේ.................

මෙන්න ලින්ක් එක ඔබ බැලුවෙ නැත්තම්

11 comments:

  1. balanna beriuna chali....

    ReplyDelete
  2. maybe Ajantha Mendies crazy....

    ReplyDelete
  3. Methew is great man....

    ReplyDelete
  4. ow ow mathews karapu dheaa hari

    ReplyDelete
  5. තරගෙ කගෙත් කතා බහාට ලක් කල අන්ජොලො මතිව්ස් තාමුන් කරන දෙ ගෙන හොද විස්වාසයක් තියෙන බව මුලු ලොකෙටෙම පෙන්නුව. ච්න්ඩ්මාල්ගෙ ශතකය තමුන්ගෙ කල ගත් සොයුර ඔබට ජ්ය....

    ReplyDelete
  6. Chandimal ta kawadawath thawath jayasuriya kenek wenna behe...

    ReplyDelete
  7. චන්දිමාල් ට හොද අනාගතයක් තියෙනව.එක සුවර්

    ReplyDelete
  8. @ නම නොකියූ පලමු යාලුවා දීලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න.
    @ නම නොකියූ දෙවෙනි යාලුවා අජන්ත මෙන්ඩිස් මේ තරගාවලියේ එක තරගයක්වත් සෙල්ලම් කලේ නෑ
    @ සුරන්ග සහ නම නොකියූ තුන්වෙනි හතර වෙනි යාලුවෝ ඔව් ඔහු තමා අනාගත අපේ නායකයා
    @ රුකා අනිවාර්යෙන්ම චන්දිමාල්ට හොද අනාගතයක් තියෙනවා
    @ නම නොකියූ පස් වෙනි යාලුවා ජයසූරිය කෙනෙක් මුරලිදරන් කෙනෙක් ආය බිහිවෙන්නේ නෑ තමයි නමුත් දැන් අපට දිනේශ් චන්දිමාල් කෙනෙක් බිහිවෙලා තියෙනවා.

    ReplyDelete
  9. සිංඩියේ දැකලා මේ පැත්තට ආවෙ! ගොඩක් කාලීන අර්ටිකල් තියනවා!මම් ෆලෝ පාරකුත් දැම්මා..මොකද දාන්න වටින බ්ලොග් එකක් නිසා...

    ReplyDelete
  10. @ සබිත් බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට.
    දිගටම එන්න බලන්න.

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ