චාලිව බලන කට්ටිය දන්නවා ඇතිනේ ඉතින් දික්කසාදය කියන්නේ මොකක්ද කියලා. නොදන්න අය නම් හිතයි කසාදය දික් වෙන එක කියලා. දන්න අය ඕකට කියන්නේ කසාදය කටු ගානවා කියලා. සිංහලෙන් අපි කියන්නේ ඩිවෝස් වෙනවා කියලා. පොශ් විදිහට කියනවා නම් ඒගොල්ලෝ දැන් සෙපරේට් වෙනම ඉන්නේ. ඔය දික්කසාදයක පලමු පියවර මොකක් කියලාද ඔය ගොල්ලෝ හිතන්නේ. වලං මුට්ටි පෙරලගෙන ගහ ගැනීම? සැමියා බීලා ගෙදර පැමිණීම? ඔව් ඉතින් ඔය කියපුවත් එක එක පියවර වල් තමා හැබැයි ඉතින් දික්කසාද වෙන්න ඉතින් කසාද බැදලා ඉන්න එපායෑ නේද? ඒ හින්දා ඉතින් දික්කසාදයේ පලමු පියවර වෙන්නේ කසාද බැදීම කියලා තමා චාලිට හිතෙන්නේ.
ඔය ගොල්ලෝ දන්නවද දන්නේ නෑ අපි මේ ඉන්න ටූනාලන්තෙ තමා ලෝකේ දික්කසාද අනුපාතය වැඩිම රට.සංඛ්‍යාත්මකව ගත්තොත් 10% ඒ කියන්නේ කසාද දහයක් සිද්ද වුනොත් ඉන් එකක් ඉවර වෙන්නේ දික්කසාදයෙන්.
ඔන්න අටුවා ටීකා ටිප්පනි කියලා ඉවරයි. දැන් බහින්නම්කෝ කතාවට. චාලි දැන් ටූනාලන්තෙට ඇවිල්ලා අවුරුදු තුනකුත් ඊයේ පෙරේදා ඉවර උනා. ඒත් චාලිට ගිය සතියේ තමා ටුනාලන්තෙ වෙඩිමකට එන්න කියලා ඇරයුම්පතක් ලැබුනේ. චාලිට ඇරයුම්පත දුන්නේ ඔෆිස් එකේ ඉන්න දොන් හියාලා කෙනෙක්. දැන් මේ ඇරයුම්පත ලැබුනත් හරි චාලිට ප්‍රශ්න ගොඩයි. ටූනාලන්තෙ වෙඩිමකට මීට කලින් ගිහිල්ලත් නෑ. මොනවද අරන් යන්නේ? මොනවද ඇදගෙන යන්නේ? ඒ සේරටම වඩා චාලි ආසාවෙන් හිටියේ මොනවද ටූනාලන්තේ මංගල චාරිත්‍ර කියලා බලාගන්න.