Monday, September 5, 2011

පුරුද්ද



පුරුද්ද කියන්නේ හරි පුදුම දෙයක්..

සමහරුන්ට නම් ජම්මෙට
වඩා පුරුද්ද ලොකුයිලු හැබැයි
චාලිට නම් එක පුරුද්දක්
දිගටම තියෙන්නේ නෑලු

පුංචි කාලේ පුංචි පත්තර
අරගෙන කියවන එක තමා
පුංචි චාලිගෙ ලොකුම පුරුද්ද

පුංචි පත්තර වල තියෙන
පුංචි ප්‍රහේලිකා පුරවන්න
පුංචි චාලි හරි ආසයි

පුංචි චාලි ලොකු වෙනකොට පුංචි පත්තර එපා වුනා
ලොකු වෙන චාලිගෙ පුරුදු තිබ්බේ ගමේ යාලුවෝ එක්ක
යාලුවො කරන ඕන මඤ්ඤං වැඩක චාලිත් හිටියා
සාපෙ කරලා ඉවර වෙලා ගෙදර ඉන්න කොට
චාලිගෙ පුරුද්ද තිබ්බේ බයිසිකලෙත් එක්ක

යාලුවො එක්ක එකතු වෙලා
සීයාගෙ බයිසිකලේ රෙපෙයාර් කරලා
ග‍මේ විතරක් නෙමේ දන්න නොදන්න
හැම තැනම බයිසිකලේ රවුම් ගැහුවේ ඔය කාලේ

හොදම යාලුවා තඩියා නම් ඕකට කිව්වේ
සියදෝරිස්ගෙ සිහිනය සැබෑ වෙලා කියලා

ඒ ලෙවල් කරන කාලෙ
ගමේ වොලිබෝල් ගහන එක ක්‍රිකට් ගහන එක
වගේම කෝච්චියෙ නාන්න යන එකත් පුරුද්දක් වෙලා තිබ්බා

පලවෙනි ජොබ් එකේදි ගිහානයටයි චාලිටයි
සෑහෙන කාලයක් යකඩ කෑලි ගනන් කරන්න වුනෙත් පරණ
පුරුද්දකටද මන්දා කියලයි ඒ කාලේ හිතුනේ

ඔන්න ඔය කාලෙ තමා කම්පියුටරේ
ගේම් ගහන එකත් ටිකක් පුරුද්දට ගියේ
ඔය හැම කාලෙම ඉතින් චාලි
ටීවී එක බදාගෙන හිටියෙත් පුරුද්දකට වගේ

ඊට පස්සේ තමා චාලි ටූනාලන්තෙට එන්නේ
ඊට පස්සේ ඉතින් චාලිගේ හුගක් පුරුදු තියෙන්නේ අන්තර්ජාලේ එක්ක
මිලානයා එක්ක එකතු වෙලා මූණු පොතක් හදාගත්තට පස්සේ
තමා උදලු නැතිව හේන් කොටන එක පුරුද්දට යන්නේ

අන්තිමට කියන්න ඕන කරපු එක ඔන්න දැනුයි කියන්නේ

චාලිට මේ බ්ලොග් ලියවිල්ල පුරුද්දට ගිහින් ඔන්න මාස තුනහමාරක් ඇති ඕක පටන් ගත්තෙ ටූනාලන්තෙ දෙවෙනි ගමනෙන් පස්සේනේ ඒත් ඉතින් සති දෙකකින් විතර මුකුත් ලියවුනේ නෑ..........

වෙන මොකවත් හින්දා නෙමේ චාලිට මේ ෆිල්ම් බැලිල්ලක් පුරුද්දට ගියානේ ........
වැඩත් අම්බානට නැතුවා නෙමේ......

ප.ලි.

හොද වෙලාවට චාලිට බ්ලොග් වල ලියන්න බැරි පුරුදු නම් නෑ

වෙලාව කොහොම හරි හදාගෙන ටූනාලන්තෙ ඉතිහාසෙ අන්තිම කතාව ලියලා ඉවර වෙලා චාලි පොඩි එකා කාලේ මතක තියෙන චාලියා චා වෙච්ච කතා ටිකක් කියන්න හිතන් ඉන්නවා. ඒ විතරක් නෙමේ ෆැක්ටරියේ අයියලාගේ රස කතා ටිකකුත් තියෙනවා ඒවා හෙමීට කියන්නම්කෝ..........

ඔන්න ඉතින් පුරුද්දට වගේ චාලි තවත් (තුන් වෙනි පාරටද කොහෙද) මෙලෝ රහක් නැති කවියක් නිසදැසක් කතාවක්/.......... ලියලා ඉවර කලා.......

10 comments:

  1. නියමෙට ගලපලා ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete
  2. පුරුද්දක් උනත් ඒක හරි අමුතුයිලු ..
    අසා ඇති ලෙසට නම් නාන්නේ මෙලෙසින්ලු ..
    ලිඳේ , දොළ පාරේ , ගඟේ නෑවොත් හරිලු..
    කෝච්චියෙ නාන එක චාලි යේ හොද නැති ලු ..

    අබුද්දස්ස කාලේ මොනාද තිත්තයිලු ..
    චාලි ට නම් දැන් රැට නිදි එන්නෙතිලු ..
    මේ පුරුදු කවදා කොහොම අර ගන්නදලු ..
    සොවින් ඉන්නේ චාලි, අනේ මට නොතේරෙලු ..

    Rushdi :)

    ReplyDelete
  3. අනේ හෆොයි
    මගේ සකියනි
    චිත්තරපටි පිස්සුව
    හොද තදටම
    බෝ උනාවද...??
    බෝ කරාවද...??

    ReplyDelete
  4. චාලිට පුරුද්දක් වශයෙන් කිසි දෙයක් පවතින් නැ කීවට........
    දවසට 6 පාරක් කැන්ටිමට යන එකනම් දැන් පුරුද්දක් වෙලා...
    ඒවා ඉතින් හිරු සදු තමා දන්නෙ.මොකද එයලනෙ පාර කියන්නෙ..

    ReplyDelete
  5. @Ruka
    "ඒවා ඉතින් හිරු සදු තමා දන්නෙ.මොකද එයලනෙ පාර කියන්නෙ.."
    මඩක්දෝ...............?

    අපි කන බොන මිනිස්සු නැද්ද චාලි අයියේ...

    ReplyDelete
  6. ඕනයා ගේ කමෙන්ට් එකෙන් මේ පැත්තේ ආවේ . හොඳ බ්ලොග් එකක් . ඉතිහාසෙට ආස කෙනෙක් හමු වීමත් සතුටක් . තමන් ඉන්න රට ගැන වග විස්තර ලියන එක කොච්චර දෙයක්ද . දැන් මාලේ ගැන දැනගන්නත් හැකි . ටිකක් කියෙව්වා . හිමිට ඉතිරි ටික කියවන්නම් . සැප්තැම්බරෙන් පස්සේ ලිවුවේ නැද්ද . දිගටම ලියන්න . ඉඩ ඇති විට නෙලුම් විලට ගොඩවෙන්න . අපි පහුගිය කාලේ සේද මාවතේ ලෝකේ පුරාම ඇවිද්දා .

    ReplyDelete
  7. @බින්දි:
    මුං රෑ දවල් නැතුව වැඩ කරනව . . . ඉතිං කොහෙද මේවට එන්න වෙලාවක්

    ReplyDelete
  8. ටුනාලන්තේ ඉදන්
    නුබ කරනා යුද්දේ
    දන්න නිසයි මම
    කරදර නම් නොකලේ..
    නමුත් සකියනී
    පාලුයි දැන්
    ටූනා ලන්තේ..
    කවියක්වත් ලියමුකෝ
    පාලු මකා
    ඇවිදින් මේ පැත්තේ..

    ReplyDelete
  9. සුභ නව වසරක් වේවායි පතනවා…මයෙ අයියණ්ඩිට…!

    ReplyDelete
  10. රුකාත් නෑ.. උඹත් නෑ.. ඇයි බං ලියන්නැත්තේ?

    ඔනෙයවම අමතන්න වෙයි වගේ...

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ