Thursday, August 18, 2011

මූණුපොත් අහස්පේ කුමකටද තිබියදී සිහින.......


මතකයි මට පුංචි කාලේ
ගුරු පාරෙන් බස් පාරට
පියා සමග ඇවිද ගියපු ඒ කාලය

මට මතකයි ඒ කාලයේ
තිබුනේ නෑනේ දුරකතනය
රුපියල් පහේ මුද්දරයට
ලියුම් යවපු ඒ කාලය

මට මතකයි ලොකු අම්මා
ලොකු එයාර් මේල් කවරයක
ලියුම් එවපු ඒ කාලය

මට මතකයි ඊට පස්සේ
අපේ ගෙදර මැද සාලෙට
තාත්තා ගෙනා දුරකතනය

මට මතකයි අපේ අම්මා
මහනුවරට, නුගේගොඩට
කතා කරපු දුරකතනය


මට මතකයි ඊට පස්සේ
රස්සාවක පලමු පඩිය
ලැබුන දවසේ මම ගෙනාපු
රැහැන් රහිත දුරකතනය

මට මතකයි නොකියා එක
හැට එකකුයි බින්දුම දෙක
රට වටේට එස්.එම්.එස්
යවන්න ගත් දුරකතනය

මට මතකයි බොතේජු එක්ක
කැෆේ එකක රින්ගා ගෙන
මුලින්ම හැදු ඊ මේල් එක
මට මතකයි එදා හදපු
යාහුලාගේ අකවුන්ට් එක

මට මතකයි ඊට පස්සේ
ටූනාලන්තේ මම ඇවිල්ලා
දවස් දෙකක් තුනක් වෙද්දි
මිලාන් එක්ක එකතු වෙලා
හැදුව හොදම අකවුන්ට් එක

වෙන මොකවත් නෙමේ ඒක
ඉස්කෝලේ යාලුවො ටික
දවස් දෙකෙන් සෙට් කරාපු
අරුම පුදුම අකවුන්ට් එක
මූනුපොතේ අකවුන්ට් එක

මට මතකයි ෆැක්ටරියට
ආවිට හැදු අකවුන්ට් එක
ගෙදර එක්ක කතා කරන්න
කොයි කාටත් ලේසි ක්‍රමය

ඔබෙ මූණයි ඇගේ මූණයි
බල බල ඔබ සිනාසෙන
එහෙම හොදම අකවුන්ට් එක
අහස්පේලාගේ අකවුන්ට් එක

අවුරුදු විස්සක් ඇතුලත
සන්නිවේදනය සැබෑ වෙනස
ලියුම් තැපැල් කල කාලය
දුරකතනයේ කතාබහද
එස්.එම්.එස් කල යුගයද
පහු කල ආ මේල් යුගය
මූණුපොතයි අහස්පේයි
ඒක තමා අද කාලය
ඊලග එක මොකක් වෙයිද?????

කොච්චර දියුණුවට ගියත්
හැබැහින් දුටුවේ නෑ තාමත්
චාලිට හිමි ඒ දෙනයන...........

ඊයේ රෑත් සිහිනෙන් ඇවිදින්
අවදි කරපු සද දෙව්දුගේ දෙනයන
හිතෙනවා මට හැමදාමත්
මූණුපොත් අහස්පේ කුමකටද තිබියදී සිහින.......

15 comments:

  1. ලස්සන වදන්පෙලක්............. හීන් දුකක් දැනුනාද මන්දා...........

    ReplyDelete
  2. හි හි චාලියටත් හිතෙන එව්වා...

    ReplyDelete
  3. සරා සදට
    පාර කියන
    රන් රුව ඇති
    සද දෙව්දුව
    නොකියන ලෙස
    පාර නුබට
    කිව්වට හිත්
    තරහින් එදවස
    හිත රිදුනද
    අනේ මගේ
    සොදුරු හිතැති
    සකිය නුබට...

    ReplyDelete
  4. සද දෙව් දුව සිහිනෙන් එන
    කව්ද අනේ ඒ දෙව් දුව
    වරුණගෙ මුනු පොතෙ ඉන්න
    ඒ කෙල්ලද කියන් මිතුර

    එකතු වේවා ඇ ඔබ හට
    සන්සාරෙ ගමන් යන්න
    ගිමන් හලක් ඇතිතැනකදි
    දීපන් රස ගල්පැන් මට
    පාටිය ලෙස ඇ හමුවු..

    ReplyDelete
  5. අපූරු පද පෙළ ..
    හීනත් පේනවා දැන් ඈ..

    ReplyDelete
  6. @ රන්ඩිල්

    බොහොම ස්තූතියි

    ReplyDelete
  7. @ කිඩෝ

    චාලිගෙත් දැන් කල වයස හරි නොවෑ

    ReplyDelete
  8. @ අසනි

    තරහ යන්නේ
    නෑ චාලිට
    අසනිගේ ඔය
    කෝල බහට

    සද දෙව් දූ
    කොයි ගියාද
    තරු අතරින්
    පැන ගියාද

    හුලුමාලෙට
    ඉහල අහසෙ
    පහන් තරුව
    පායන කම්

    චාලි තවම
    හීන දකියි

    පොඩි පොඩි
    පදවැල් ලියවෙයි..............

    ReplyDelete
  9. @ අසනි

    වරුණගේ මූණු පොතේ ඉන්නේ
    එක කෙල්ලද කියන් මිතුරේ

    හුලුමාලෙට දුරින් ඉන්න
    සදදෙව්දූ අසනි නගයි
    සරාසදට පියාඹන්න
    ඇය ලගදිම පාර කියයි

    එදාට ගල් පැන් නොව මම
    උඹට දෙන්නේ අමා පැන්ය
    ඇතුගල පාමුල ඉදගෙන
    අපි රජ වෙමු එම දවසට

    ReplyDelete
  10. @ චතුර

    ජීවිතේම එක්තරා හීනයක් තමයි බන්

    ReplyDelete
  11. ""@ අසනි
    වරුණගේ මූණු පොතේ ඉන්නේ
    එක කෙල්ලද කියන් මිතුරේ""

    මේ මොකදෑ
    බන් අයියේ
    රුකා නමත්
    අසනි උනේ...

    සරා සදක්
    නොමැති දෝහේ
    උබටත් දැන්
    පිස්සු වගේ...

    දැක්කම මේ
    දැන් කවි පෙල
    හිනා වේවි
    නුබ හොදටම

    වෙනස් කලත්
    දැන් යොමු නම
    හිනා වේවි
    උන් හැම අද..

    ReplyDelete
  12. @ අසනි

    නොම මෙන් ගත වූ මාසය
    වැඩපල ඇත අම්බානක
    සිවා අයියා නොමැති අඩුව
    දැනෙනවා දැන් හොද ගානට

    අලුත් බ්ලොගක් ලියන්න නෑ වෙලාව
    කමෙන්ටුවක් ලිව්වෙත් පොඩි වෙලාවක
    පොඩි පොඩි වැරදි හොයනවා මේ නලාව
    රුකා අසනි මාරු කලේ කලාවට

    සරා සදත් එක්ක දීගේ
    රෑ සිහිනෙන් පමණක්මයි
    පාර නොකියවූවොත් නගේ
    චාලිට නම් පිස්සු හැදෙයි

    ReplyDelete
  13. ශිවා අයියා ගැනනම් නෑ
    මටත් කිසිත් ආරංචිය
    ඔය කට කැඩුනු කටින්
    නලාවයයි කිව්වේ මටද

    රුකා අතේ පැණි ගුලිවත්
    එවන්නටයි උන්නේ මෙමම
    නලාව යයි කිව්ව නිසා
    එවන්නේ නෑ කිසිත් නුබට

    ReplyDelete
  14. අසනි නගේ නුඹ කවද්ද
    පැණි ගුලිවත් එව්වේ අපිට
    මට මතකයි ධනු අයියත්
    ආවේ හිස් අතින් නොවෙද?

    මේ කට කැඩුන කටින්
    කී දෙනෙකුට නම් තැබුවද
    පොඩි වරදක් වුනා තමයි
    තරහ නොවෙන් නලාව

    ReplyDelete
  15. බොරු කියනා ඔය කට ගැන
    කතා කරණු නම් කුමටද
    කාපු ඒවා දිරාවවිද
    මෙයැයිගේ මේ මුසා බහට...

    එක සැරයයි නිකන් ආවේ
    අසනීපෙන් වුන්නු දිනයේ
    රුකා..සුජි..ශිවා අයියයි ගෙනාපුවට
    මොකද උනේ කියන් සකිය..

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ