Friday, August 12, 2011

ආතල් ගන්නේ අපි කවද්ද???????












පුංචි කාලේ අම්මා කිව්වා
ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය
පාස් වුනොත් පුතා දිනුම්
ඊට පස්සේ ලොකු ඉස්කෝලේ
පාඩම් වැඩ කරදර නෑ
මෙය විතරක් පාස් වෙයන්

දහයෙදි ලොකු අයියා කෙනෙක්
ඇවිල්ලා පොර මෙහෙම කිව්වා
මල්ලියේ තව පොඩ්ඩයි සා/පෙට
ගොඩ දාපන් ඕක හොදට
ඊට පස්සේ ඒ ලෙවලුයි
පුල් ආතල් සාගරයයි

ඔන්න ඉතින් ගොඩ දැම්මා
ආවේ ඒ ලෙවල් වලට
ඔන්න ඉතින් මිස් කියාපි
වැඩ කරපන් පුතා හොදට
මේ අවුරුදු දෙක තමයි කට්ට
වාසිටියේ ගේමක් නෑ
ප්‍රොෆෙසර් උඹහට කියාවි
පේපරයට එන්නෙ මොනද

කට්ට කෑවා ඒ අවුරුදු දෙක
පැනගත්තේ වාසිටියට
කරගත්තේ කරුමයක්ද
නවකවදේ පුදුම වදේ

ප්‍රොෆෙසරයා මෙහෙම කිව්වා
ඉගෙන ගන්න දේ බොහොමයි
මම කියන්නේ පොඩි කොටසයි
හොයා ගනින් උඹ තනියෙන්
උඹගේ දියුණුව එතනයි

කට්ට කෑවේ ලයිබ්‍රි වල
කියෙව්වේ තඩි පොත් ගොඩවල්
ජප්පො ඇවිත් මෙහෙම කිව්වේ
සහෝදරයා ඔහොම නෙමේ
වැරැද්ද ඇත්තේ උඹේ නෙමේ
සමාජ ක්‍රමේ සමාජ ක්‍රමේ
එතනයි මහ ලොකු වැරැද්ද
එකතු වෙයන් අපිත් එක්ක
වෙනස් කරමු සමාජයම

ඇහුවේ නැතුව උන්ගෙ කතා
ගොඩ දැම්මා උපාධියත්
රැකියා දියව් රැකියා දියව්
ලොකුම ප්‍රශ්නේ දැවෙන ප්‍රශ්නේ
මිනිස්ටර්ට වැදලා වැදලා
මන්ත්‍රීලාට කඩේ ගිහින්
හැකියාවට රැකියාවක්
හොයාගත්තේ අමාරුවෙන්

දැන් අවුරුදු 30ක් වෙතේ
කටයුත්තක් තවම නැතේ
අම්මේ,
අයියේ,
ගුරුතුමියේ,
ප්‍රොෆෙසරයෝ, මට කියපන්

ආතල් ගන්නේ අපි කවද්ද???????


14 comments:

  1. ඔයා ඉගනගත්තෙ අනුන්ගෙ උවමනාවට දැන් අනුන්ගෙන් ජොබකුත් ඉල්ලනව....

    ReplyDelete
  2. ඒ කියන්නෙ ඔය අතර මැද කාලෙදි චාලි "ආතල්" එකක් ඇරගෙනම නැද්ද????????? :0
    අලේ අෆොයි....

    ReplyDelete
  3. හිකිස්‌..අපේ ජිවන ගීතය ද මන්දා

    ReplyDelete
  4. අම්ම කියයි
    උඹ දොස්තර වෙයන් පුතේ
    තාත්ත කියයි
    උඹ දොස්තර වෙයන් පුතේ
    එහෙම නැතොත් ඉතිං පුතේ
    අපට පුතේ මගක් නැතේ

    විභාගෙ විභාගේ
    එහෙ බැලුවත් විභාගේ
    මෙහෙ බැලුවත් විභාගේ
    විභාගේ තමයි අපේ අභාගේ
    - සෝමලතා සුභසිංහගේ "විකෘති"

    ReplyDelete
  5. අනුනගේ තාලයකට ඔහේ
    අපිත් ගැයුවා
    අපේ ජීවන ගිතය අනේ...

    ReplyDelete
  6. අනේ මන්දා..මුලු ජීවිතේම හැමදාම විභාගම තමයි බන්...:D

    ReplyDelete
  7. @ ඉන්දි

    දැන් හොයන්නේ කෙල්ලෙක් බං

    @ නාකියා

    ඒ ලෙවල් කාලෙදි චාලි මේ ට්‍රැක් එකෙන් පනිනවා.
    ඒ කියන්නේ ඊට පස්සේ චාලි ආතල් ගන්නවා.

    හැබැයි මේ ට්‍රැක් එකේ ගියොත් නෝ ආතල්
    (ඒ චාලිට හිතෙන හැටි)

    ReplyDelete
  8. @ චම්මා

    මම බලාපොරොත්තු වෙච්ච කමෙන්ට් එකක්.......
    බොහොම ස්තූතියි දැම්මාට

    @ චතුර

    සෑහෙන්න අසාධාරණයි බං අපිත් එකතු වෙමුද වෙනස් කරන්න සමාජ ක්‍රමේ

    ReplyDelete
  9. @ පොත් ගුල්ලා

    සින්දුව සහ නාට්‍යයේ නම නම් අහලා තිබ්බා
    හැබැයි බලලා නම් නෑ

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට

    අනිවා මචං මේ විභාග කරදරේ කවදා ඉවර වෙන එකක්ද මන්දා
    චාලියා නම් හිත හදා ගත්තා ගිය දෙසැම්බර් කරපු විභාගෙන් පස්සේ ආය කරන්නේ නෑ කියලා

    ReplyDelete
  10. @ අසනි

    ඔයාගේ ඔය හැල්මේ දුවපු ජීවිතේ ඔයාගේ අම්මා රාජිණක් වගේ ඔයාගේ පස්සෙන් හිටියා වගේම හැමෝගෙම පස්සේ කවුරු හරි ඉන්නවා ජීවිතයට තාලය සපයන.......

    එහෙම නේද

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  11. @ විශ්ව

    පුදුම විභාග ගොඩක් තමා බං ජීවිතය කියන්නේ

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  12. මම කැම්පස් ගියේ නැතත් මටත් උනේ ඕකම තමයි

    ReplyDelete
  13. @ අම්බලම

    දෙයියන්ගේ පිහිටෙන් මමත් කැම්පස් ගියේ නෑ මචං
    මම ඒකයි කිව්වේ මම ඔය ට්‍රැක් එකෙන් ඒ ලෙවල් වලදි පැන්නා කියලා

    බොහොම ස්තූතියි මචං කමෙන්ට් එකට

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ