මොකද්ද මේ කිලින්ග් ෆීල්ඩ්ස්
හැමෝම කතා වෙනවා.මටත් හිතුනා බලන්න මොකද්ද මේ වාර්තා චිත්‍රපටිය කියලා.ටිකක් බලන් යනකොට තමයි තේරුනේ මේක වාර්තා නෙමේ හොදට සැලසුම් කරලා හදපු චිත්‍රපටියක් කියලා. ඊට පස්සේ තමා මේක ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හොයලා බැලුවේ. මේ බයිස්කෝප් එක හදලා තියෙන්නේ කැලම් මැක්‍රේ කිය්ලා පොරක් ඔය ඉන්නේ එහා පැත්තේ කැමරාවක් බදා ගෙන බුවා තමා මේක හදලා තියෙන්නේ.
2009 අප්‍රියෙල් මාසෙත් චැනල් 4 කට්ටිය 3 දෙනෙක් එවලා තියෙනවා ලංකාවේ යුද්දේ ගැන බයිස්කොප් එකක් හදන්න.හැබැයි මේ නාඩගම හමුදාවට අහු වෙච්ච ගමන්ම තුන් දෙනාව පිටුවහල් කරලා යැව්වා.ඊට පස්සේ එහෙන් මෙහෙන් ලංකාවේ යුද්දේ ගැන අපේ හමුදාවේ වෙබ් අඩවියේ තිබ්බ වීඩියෝ සහ ජංගම දුරකතන වල පටි ගත වෙච්ච පොඩි පොඩි සීන් සහ ඒ ගොල්ලෝ පස්සේ රූ ගත කරපු දර්ශන ඔබලා තම කැලම් කාරයා ඔය බයිස්කෝප් එක හදලා තියෙන්නේ.
අපි හැමෝම දන්නවනේ වියට්නාම යුද්දේට මොකද වුනේ කියලා.ඇමරිකන්කාරයෝ යුද්දේ දින්නේ ෆිල්ම්ස් වලින් විතරයි.මතකනේ කෝල් ඔෆ් ඩියුට්.ඒ හින්දා ඔය ඇමරිකන්කාරයෝ හරි කැමතියි යුද්දයක් ඉවර උනාම පොඩි ෆිල්ම් එකක් ගහලා ආතල් එකක් ගන්න.ඒකත් ඒගොල්ලෝ කැමති පාර්ශවයට වාසි වෙන විදිහට.ඉරාක යුද්දෙදි දැනට කල ගණනය කිරීම් වලින් පමණක් සිවිල් ජනතාව 110,761 ක් මිය ගොස් තිබෙනවා.මේවා ගැන ගෝර්ඩන් වේස්ලා නිහඩව ඉන්න එක තමා ප්‍රශ්නේ.
එහෙම නැත්තම් ඕන තරම් උන්ට ෆිල්ම් ගහන්න තිබ්බානේ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ ඉදන් ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වෙනකම් මිනිස්සු කී දෙනෙක් මැරුනාද? ඔය අරන්තලාව භික්ශු ඝාතනය, ශ්‍රී මහා බෝදිය ඉස්සරහා, දලදා මාලිගාව ඉස්සරහා,එතකොට මහ බැංකුව ඉස්සරහා තිබ්බ බෝම්බ , එක සුද්දෙක් ගැහුවද බයිස්කෝප් එකක් ඔය දේවල් වෙනකොට.කිසිම හේතුවක් නැතුව ඉරාකෙට ගැහුවා.කෝ ඒවට බයිස්කෝප්. එතකොට බින් ලාඩන්ව මැරුවෙ නඩු අහලැයි ඕං.ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරා නම් ඔය සුසේගේ ගෙදර උන්දෑ,එතකොට තමිල් සෙල්වම්ගේ හාමිනේ, ප්‍රභාකරන්ගේ දෙමව්පියෝ බේර ගත්තේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකෙන්ද?
හරි දැන් එමු මේ අලුත් බයිස්කෝප් එක දිහාවට